පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගෙන රජයේ සියලු පාසල් සෑම බදාදා දිනකම නිවාඩු ලබාදීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්, නාලක කලුවැව මහතා පවසයි. අද දෙරණ කළ විමසීමකදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, ඊයේ දිනයේ දී රජය විසින් රාජ්‍ය සේවකයින්ට සෑම බදාදා දිනකම නිවාඩු ලබාදීම හේතුවෙන් මෙම තීරණය ගත් බවය.Continue Reading

දෙවුන්දරට දකුණු දෙස වු මුහුදු ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සමග නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව දික්ඕවිට වරායට රැගෙන ඒමට නියමිතව තිබේ. ඊයේ (15) දිනයේදී ශ්‍රී ලංකා නාවික හමුදා දිගුදුර නාවික බලඇණිය විසින් සිදුකළ මෙහෙයුමක් මත මෙම බහුදින ධීවර යාත්‍රාව සිය භාරයට ගනු ලැබීය. යාත්‍රාව සමග එහි සිටි ධීවරයින් 05 දෙනෙකුදContinue Reading

2027 වසරේ පෙර පාසල් සඳහා නව විෂය නිර්දේශයක් හඳුන්වාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.  අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ, අම්බලන්තොට ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේ අද (15) පැවති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ හම්බන්තොට දිස්ත්‍රික් පෙර පාසැල් ගුරුභවතුන්  දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි.  එමෙන්ම ඒ සඳහා ගුරුවරුන් පුහුණු කිරීමට මෙන්ම නියාමන අධිකාරියක්Continue Reading

2026 වර්ෂය සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් තීරණ ලබා දී ඇති සියලු ස්ථානමාරුවීම් අප්‍රේල් මස 02 වන දින සිට ක්‍රියාත්මක කළ යුතු බව රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය පවසයි. ස්ථානමාරුවීම් ක්‍රියාත්මක වීමේ දිනය සඳහන් කර නොමැති සියලු ස්ථානමාරුවීම් අදාළ දිනයේ සිට ක්‍රියාක්මක විය යුතු බව රාජ්‍ය සේවා කොමිෂන් සභාContinue Reading

QR කේතය නැවත ඉන්ධන පිරවුම්හල් වෙත හඳුන්වාදීමත් සමග ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව ඇතිවන රථවාහන තදබදය පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරීන් යොදවා ඇතැයි රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර මහතා පවසයි. නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ මහජනතාවගේ ඇතිවූ අනවශ්‍ය කලබලය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව දැඩි රථවාහන තදබයක් මෙන්ම දැඩිContinue Reading

ශ්‍රීපාද වන්දනාවේ පැමිණ ආපසු නුවරඑලිය දක්වා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 15ක් පමණ ප්‍රපාතයට පැන පසුගිය 13 වෙනිදා අනතුරකට ලක්වූ මෝටර් රථයේ රියදුරා මත්ද්‍රව්‍ය පානය කර ඇති බවට අනාවරණවී ඇත.  ඒ ඔහු දික්ඔය මුලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව සිදු කළ වෛද්‍ය පරීක්ෂණයකදීය.  නෝර්වුඩ් පොලිසියේ නිලධාරියෙකු සඳහන් කළේ, අදාළContinue Reading

QR කේත භාවිතාකර ඉන්ධන ලබා ගැනීමට හඳුන්වා දී ඇති QR කේතය සම්බන්ධව පැන නැගී ඇති ගැටලු කඩිනමින් නිරාවරණය කිරීමට මේ වන විටත් කටයුතු කරමින් පවතින බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් මේ සම්බන්ධව සඳහන් කර ඇත්තේ මීට පෙර QR කේතය ලබාගත් සහ දැනටත් එම වාහනය සහ එමContinue Reading

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් නීති විරෝධී ලෙස උපයා ගන්නා ලද දේපළ ක්‍රියා විරහිත කර තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරමින් අයතා ලෙස වත්කම් උපයා ගැනීමක් සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාස වෙත ලද පැමිණිල්ලක් මත විමර්ශනයක් ආරම්භ කර තිබුණි. ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් නීති විරෝධී ආකාරයෙන් උපයාගන්නා ලද මුදලින් ඔහුගේ බිරිදගේContinue Reading

ඉරානය සමග ගිවිසුමක් ඇති කර ගැනීමට තමන් සූදානම් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ. අමෙරිකානු මාධ්‍ය ආයතනයක් වෙත ප්‍රකාශයක් ලබා දෙමින් ට්‍රම්ප් පවසා ඇත්තේ ඉරානයට ගිවිසුමක් ඇති කර ගැනීමට අවශ්‍ය නමුත් කොන්දේසි තවමත් ප්‍රමාණවත් නොවන නිසා තමන් දැන් එය කිරීමට අකමැති බවය. කෙසේ නමුත් එම කොන්දේසි මොනවාද යන්න පැවසීමContinue Reading

වර්තමානය වන විට හෙද හෙදියන් 43,553 දෙනෙකු මෙරට සෞඛ්‍ය සේවාවේ නිරත වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. එය සමස්ත සෞඛ්‍ය කාර්යය මණ්ඩලයෙන් සියයට 30ක ප්‍රතිශතයක් වූවද සෞඛ්‍ය සේවාවට අවශ්‍ය හෙද හෙදියන් ප්‍රමාණය මෙතෙක් සම්පූර්ණ වී නොමැති බව අමාත්‍යවරයා සඳහන් කළේය. ලොව පිළිගත් ප්‍රමිතීන් අනුව ප්‍රශස්තContinue Reading