හෙට (08) සහ අනිද්දා (09) දිනවල කොළඹ කොටුව ජනාධිපති මන්දිරය පිහිටි ප්‍රදේශයට උද්ගෝෂණකරුවන් ඇතුළු වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි පොලීසිය විසින් කරන ලද ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ. අධිකරණය එහිදී සඳහන් කර ඇත්තේ අපරාධයක් සිදුවූවහොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලතල ඇති හෙයින් අදාළ ඉල්ලීමContinue Reading

පිටකොටුව බෝ ගස ඉදිරිපිට මහා සංඝරත්නය විසින් මීට සුළු මොහොතකට පෙර සත්‍යග්‍රහයක් ආරම්භ කරනු ලැබීය. ත්‍රෛනිකායික මහ නායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියේ අඩංගු යෝජනා වහාම ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා සිටිමින් මහා සංඝරත්නය විසින් මෙම සත්‍යග්‍රහය ආරම්භ කර තිබේ.Continue Reading

කොළඹ කොටුව සහ මරදාන යන දුම්රිය ස්ථානවලින් ස්ථානාධිපතිවරු වාහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට කටයුතු කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පැවසීය. දුම්රිය අවලංගු කිරීමෙන් එම දුම්රිය ස්ථානවලට රොක්වන ජනතාව කුපිත වීමෙන් ස්ථානාධිපතිවරුන්ගේ ආරක්‍ෂාවට තර්ජනයක් ඇති බව කී කසුන් චාමර මහතා ඒ පිළිබඳව අවධානය යොමු කරමින් එමContinue Reading

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පොලී අනුපාත සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 100 බැගින් පිළිවෙළින්, සියයට 14.50 සහ සියයට 15.50 දක්වා ඉහළ නැංවීමට තීරණය කරContinue Reading

භික්ෂුන් වහන්සේලා සර්ව ආගමික පූජකවරුන් සහ ඒවායේ සාමාජිකයින් පිරිසකට ඕල්කට් මාවතට ඇතුළුවීම හා පිටකොටුව ආශ්‍රිත වෙනත් ස්ථනායක රැඳීසිටිමින් ජනතාවට අවහිරයක් වන ලෙස කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ආඥාවක් නිකුත් කර තිබේ. අද (07) දිනයේ පිටකොටුව ප්‍රදේශයේ පැවැත්වීමට සංවිධානය කර තිබු විරෝධතාවයක් පිළිබඳව පිටකොටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා විසින් අපරාධ නඩුContinue Reading

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු නව දෙනෙක් අද(06) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොටුව ජනාධිපති මන්දිරය අසල විරෝධතාවයක නිරත වී සිටිය දීContinue Reading

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (6) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින්විට පැයට කිලෝමීටර 40- 50 ක පමණ වේගවත් තද සුළං ඇතිවිය හැකි බව ද  එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.Continue Reading

ගෝල්ෆේස් අරගලයට තෙමසක් සපිරෙන ජූලි 9 වන දින ගෝඨා-රනිල් ආණ්ඩුව පළවා හැරීම වෙනුවෙන් ජන අරගලය කොළඹ වැටලීමට තීරණය කර තිබෙනවා. ඊට සමාන්තරව සාමූහික අරගලකරුවන් ලෙස සැකසූ ඉදිරි ක්‍රියාකාරී සැලැස්මක් අද(05) දින පස්වරු 2.00 ට ගෝල්ෆේස් අරගල භූමියේ ප්‍රධාන ගේට්ටුව අභිමුව ජනගත කිරීමට නියමිතව ඇති බව ඊයේ දින අරගල භූමියේ පැවතිContinue Reading

තාවකාලිකව ඇතිවිය හැකි තද සුළං සහ අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලත්, බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වලත් විටින් විට පැයට කිලෝ මීටර් 40ත් 50ත් අතර තද සුළං ඇතිවිය හැකි බවය. එමෙන්ම සබරගමුව පළාතේ සහ මහනුවර,Continue Reading

ලිට්‍රො ගෑස් ලංකා ලිමිටඩ් සහ ලිට්‍රො ගෑස් ටර්මිනල් ලංකා ලිමිටඩ් යන ආයතනවල අක්‍රමිකතා සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඒවායේ  ප්‍රධානීහු  පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝප් කමිටුව ) හමුවට අද(5) කැඳවනු ලැබ  සිටිති මීට අමතරව මහජන උපයෝගිතා කොමිසමේ ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට  අනිද්දා (6) කැඳවා ඇතැයි එම කමිටුව පවසයි. පොදුContinue Reading