ජනාධිපතිවරයාගේ රුව සහිත ව්‍යාජ රුපියල් 5,000ක නෝට්ටුවක් සමාජ මාධ්‍යයට එක් කළ සැකකරු නොවැම්බර් 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කැස්බෑව මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ඒ බව පැවසීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ සැකකරුව ඉකුත් 04 වනදා අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරු අවුරුදුContinue Reading

වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයින් දෙදෙනෙකු මහනුවර, බූවැලිකඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. මහනුවර සංචාරක පොලිස් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් 22 සහ 32Continue Reading

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ භාණ්ඩාගාරික වෛද්‍ය උභය බණ්ඩාර වලකාගොඩ මහතා පවසා සිටියේ, කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් කිහිපදෙනෙකුට තවත් වෛද්‍යවරයෙකු විසින් තර්ජනය කිරීමට විරෝධය දක්වමින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි.Continue Reading

දීපාවලි වෙනුවෙන් රාජ්‍ය වැවිලි සමාගම් විසින් දෙමළ ජනතාවට වාර්ෂිකව ලබාදෙනු ලබන උත්සව දීමනාව රුපියල් දසදහසකින් ඉහළ දමා තිබේ. මීට පෙර වර්ෂවල එම මුදල රුපියල් දස දහසක්ව පැවති අතර මේ අනුව එය රුපියල් 20,000 දක්වා ඉහළ යනු ඇත.Continue Reading

යුධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමග එක්ව පිළියන්දල ප්‍රදේශයේදී අද (30) සිදු කරන ලද වැටලීමකදී මෙරට මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන හරක් කටා සහ ඔහු සමග සමීප සම්බන්ධනා පවත්වන ලබන ආමි චූටි නමැති පුද්ගලයාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ගොලයන් දෙදනෛකු වනContinue Reading

සිය විහාරස්ථානයේ වැඩසිටි බාල වයස්කාර සාමණේර නමකට බරපතළ ලිංගික අතවර සිදුකිරීම ඇතුළු චෝදනා තුනකට වරදකරු කරනු ලැබු 58 හැවිරිදි චීවරධාරියෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා ඊයේ (29දා) බරපතළ වැඩසහිත වසර හතක සිරදඬුවම් නියම කළේය. විත්තිකරුට එරෙහිව ගොනු කර ඇති චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇති බවටContinue Reading

කැස්බෑව SOS ළමා ගම්මානයේ රැකවරණය ලබමින් සිටි දහ හතර හැවිරිදි පාසැල් දැරියකට  බරපතල ලිංගික අපයෝජනයක් සිදු කළ බව පැවසෙන හතළිස් හැවිරිදි හිමි නමක් අත් අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය පවසයි . මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කැස්බෑව ප්‍රදේශයේ විහාරස්ථානයක වාසය කරන (40) හැවිරිදි හිමි නමකි. මෙම හිමිනම  සිය විහාරස්ථානයේ දහම් පාසලක්Continue Reading

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳට අයත් බව කියන මිරිහාන ඇඹුල්දෙණිය ශාලාව පාරේ තෙමහල් නිවසක තිබී අංක තහඩු නොමැති සුඛෝපභෝගි මෝටර් රථයක් මිරිහාන පොලිසිය මගින් පෙරේදා (26දා) අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කර ඇති 1997 අංකයට ලැබුණු තොරතුරක් මත මෙම වාහනය සොයාගෙන ඇත. හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේContinue Reading

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය ලබා ගැනීමට ජාතික ජන බලවේගය පක්ෂය ඊයේ පැවති ඡන්ද විමසීමේදී සමත් විය.ඒ අනුව ඡන්ද 17,295ක් ලබා සභික ධූර 15ක් එම පක්ෂය ලබා ගත්තේය.සමගි ජන බලවේගය ඡන්ද 7,924ක් ලබා සභික ධූර 06ක් ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඡන්ද 3,597ක් ලබා සභික ධූර 03ක් ද පොදු ජනContinue Reading

පමුණුගම ප්‍රදේශයේදී තරුණයන් දෙදෙනෙකුට පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පමුණුගම පොලීසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වේ. බෝපිටිය පමුණුගම පොලීසිය ඉදිරිපිටට පැමිණි ගම්වාසීන් පිරිසක් ඊයේ පස්වරුවේ මෙලෙස විරෝධතාවයේ නිරත වුණේ, අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනෙකුට පොලිස් නිලධාරීන් අමානුෂික ලෙස පහරදුන් බවට චෝදනා කරමින්. පසුගිය ඉරිදා දින බෝපිටිය පමුණුගමContinue Reading