ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා අවශ්‍ය සියලු නිලධාරින්, ඡන්ද පත්‍රිකා සහ අනෙකුත් බඩුබාහිර අදිය අද (25) අදාළ මධ්‍යස්ථාන වෙත රැගෙන යන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඡන්ද මධ්‍යස්ථාන 48කදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයින් 55,643ක් සුදුසුකම් ලබා ඇති අතර 2018 වර්ෂයේ ඡන්දදායක ලියාපදිංචි කිරීමේ නාමලේඛනයට අනුව මෙම ඡන්ද විමසීමContinue Reading

ගම්පොල පොලීසියේ පාලන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ නිලධාරියා අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (23) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත. ඒ, විමර්ශන කටයුත්තක් සඳහා මෝටර් රථයෙන් පැමිණීමට රුපියල් 20,000ක ඉන්ධන ලබාදෙන ලෙසට සිදුකළ අල්ලස් ඉල්ලීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.Continue Reading

ආරුගම් බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට අමෙරිකානු තානාපති කාර්යාලයෙන් අනතුරු ඇඟවීමක්  ආරුගම් බේ ප්‍රදේශය ට නැවත දැනුම්දෙන තුරු යෑමෙන් වළකින ලෙස අමෙරිකානු පුරවැසියන්ට කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය අනතුරු අඟවා තිබේ. එම තානාපති කාර්යාලය පවසන්නේ එම ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය සංචාරක ස්ථාන වලට ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට ඔවුන්ට විශ්වසනීය තොරතුරුContinue Reading

මෙවර ජනාධිපතිවරණය සඳහා තරග කළ අපේක්ෂකයින් සිය වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට ලබා දී තිබු කාලය අදින් අවසන් වීමට නියමිතව තිබේ. මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ අද (13) පස්වරු 03න් එම කාලය අවසන් වන බවය.  මැතිවරණ වියදම් නියාමන පනතට අනුව ජනාධිපතිවරණය අවසන් වී දින 21ක් ඇතුළත වියදම් වාර්තා ලබා දිය යුතු වෙයි.Continue Reading

ඉදිරි පැය 48ක කාලය තුළ දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක,දොම්පෙ, හෝමාගම, කඩුවෙල, බියගම , කොළොන්නාව, කොළඹ සහ වත්තල යන ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.කැලණි ගග ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් ඉහත සඳහන් කැලණි ගංගා නිම්නයේ පහත් බිම් ප්‍රදේශ වලටContinue Reading

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවුඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබාගන්නා ලෙස සියලු රජයේ ආයතනවලට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා උපදෙස් ලබාදී තිබේ.  රජයේ අරමුදල් ලබා ගනිමින් සිදු කරන කාර්යයන් සංවිධානය කිරීමේදී රජයේ ප්‍රතිපත්තියට හා දැක්මටContinue Reading

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි නියෝග කර තිබේ.ඒ 2016 වසරේදී ජාතික බල සේනා සංවිධානය කොළඹ කොම්පඤ්ඤවීදය නිපොන් හෝටලයේදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී කුරානයට සහ ඉස්ලාම් ධර්මයට අපහාස වන අයුරින් වැරදි අසත්‍ය ප්‍රකාශ මාධ්‍යට පළ කිරීම සම්බන්ධයෙන් ගොනුContinue Reading

ඉඩමකට වංචනික අන්දමින් ඔප්පු සකස් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු නීතීඥවරයකුට බරපතළ වැඩසහිත වසර 08ක සිරඳඩුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ (08) නියම කළේය. එක් චෝදනාවකට වසර 04 බැගින් විත්තිකරු වරදකරු කෙරුණු චෝදනා දෙකට වසර 08ක අනිවාර්ය බරපතළ වැඩසහිත සිරඳඩුවම් නියම කළ විසුරුවරයා රුපියල් 20,000/-ක දඩයකටද විත්තිකරු යටත් කළේය.Continue Reading

ජාතික තරුණ සේවා සභාවේ නව සභාපති හා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස නීතිඥ චින්තක දර්ශන හේවාපතිරණ මහතා ඉකුත්දා සුබ මොහොතින් ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී සිය තනතුරේ වැඩ භාර ගත්තේය. ජාතික තරුණ සේවා සභාවේ 32 වැනි සභාපති හා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස (43) හැවිරිදි නීතිඥ චින්තක දර්ශන හේවාපතිරණ මහතා මෙසේ වැඩ භාර ගත්තේය.Continue Reading

අන්තර්ජාලය ඔස්සේ සංවිධානාත්මක ලෙස මුදල් වංචා සිදුකළ විදෙස් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලද තොරතුරක් මත හංවැල්ල පාර, ගම්පහ ලිපිනයේ පිහිටි හෝටලයක් සහ අවිස්සාවේල්ල පාර, හංවැල්ල ලිපිනයේ පිහිටි පුද්ගලික ආයතනයක් වටලා සිදුකළ පරීක්ෂා කිරීමකින් අනතුරුව මෙම විදෙස් ජාතික සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. මෙම පිරිසContinue Reading