ඊයේ (29) එංගලන්තයේ සවුත්පොර්ට් ප්‍රදේශයේ සිදුකළ පිහි ඇනුමෙන් තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයේ සිටි තවත් දරුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව එම සිද්ධියෙන් මියගිය ළමුන් ගණන තුනකි. ඊයේ දහවල් වයස අවුරුදු 17ක් පමණ වූ තරුණයෙක් විසින් එම පිහි ඇනුම සිදුකර තිබුණි. ඔහුව පොලීසිය විසින් නිවසකදී අත්අඩංගුවටContinue Reading

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලුව කථානායකවරයා සහ අගවිනිසුරුවරයා සාකච්ඡා කර විසඳාගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු ඒ බව පැවසුවේ හෝමාගම බස් නැවතුම්පොළ පරිශ්‍රයේදී පැවැත්වෙන ”ජයගමු ශ්‍රී ලංකා” ජන රැලිය අමතමිනි.ජනාධිපතිවරයා තවදුරටත් පැවසුවේ සැප්තැම්බර් 21 වනදා ජනාධිපතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට අවශ්‍ය සහාය ලබාදෙන බවය.Continue Reading

2023 වසරේ මුල් මාස 10ක කාලය තුළ මනුෂ්‍ය ඝාතන 500කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක් මගින් පෙන්වා දී තිබේ. ඒ අනුව පසුගිය වසරේ අදාළ කාලය තුළ මනුෂ්‍ය ඝාතන 488ක් සිදුව ඇති අතර ඉන් 52ක්ම සිදුව ඇත්තේ වෙඩිතැබීම් හේතුවෙන් බව එම වාර්තාවේ දැක්වෙයි.Continue Reading

ජනාධිපතිවරණයට අදාළව මූළික මුද්‍රණ කටයුතු රජයේ මුද්‍රණාලය විසින් අවසන් කර මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදී තිබේ. ඒ අනුව, ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා සහ ඇප මුදල් තැන්පත් කිරීමට අදාළ මුද්‍රණ කටයුතු රජයේ මුද්‍රණාලය විසින් අවසන් කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මැතිවරණ නිලධාරීන් පත්කිරීමේ ගැසට් නිවේදනය ද මේ වනවිට මුද්‍රණාලය විසින්Continue Reading

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ගමන්ගත් රථය යතුරුපැදියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ. ඊයේ (27) සවස එම අනතුර සිදුව ඇති බව කිලිනොච්චිය පොලීසිය පවසයි. පොලීසිය පැවසූවේ කොළඹ සිට යාපනය දක්වා ගමන්ගත් මන්ත්‍රීවරයාගේ රථය කිලිනොච්චිය 155 කිලෝමීටර කණුව ප්‍රදේශයේදී යතුරුපැදියක ගැටී ඇති බවය. අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර, මන්ත්‍රීවරයාගේ වාහනයේ ඉදිරිපසContinue Reading

චීනයේ හෙනාන් හි කාර්මික නගරයක සිදුවු පිපිරීමකින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබේ. ඇලුමිනියම් නිෂ්පාදනාගාරයක මෙම පිපිරීම සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුරින් තවත් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන් ය. සිද්ධිය සම්බන්ධයෙන් ආයතනය භාරව සිටි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.Continue Reading

පොලිස් රථවාහන පරීක්ෂාවක් අතරතුර මෝටර් රථයක් තුළට මත්ද්‍රව්‍ය පාර්සලයක් දමා තරුණයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට උත්සහ කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝවේ සිටින පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර ති‌බේ. කොළඹ දකුණ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නියෝගයකට අනුව අදාළ පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනමට ලක් කර ඇති බව සඳහන්ය. මෙම පොලිස් කොස්තාපල්වරයාContinue Reading

ජනාධිපතිවරණයේ මැතිවරණ රාජකාරි අධීක්ෂණ කටයුතු සඳහා මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජය පොලිස්පති අසංග කරවිට මහතාට අමතරව තවත් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සහ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු පත්කර තිබේ. නියෝජ්‍ය පොලිස්පති පී. ලියනගේ සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.ඩී.ජී.එල්.ඒ ධර්මසේන යන මහත්වරුන් ඒ සඳහා පත්කර ඇති බව සඳහන් ය. මේ වනවිටත් පොලිස් මූලස්ථානයේ මැතිවරණ කටයුතුContinue Reading

යුරෝපා සංගමය තුළ LTTE සංවිධානය තවදුරටත් තහනම් සංවිධානයක් ලෙස නම් කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ. ඒ ජුලි 26 වනදා සිට ඉදිරි මාස 06ක කාලයක් සඳහාය. ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ බව සඳහන් කරයි.Continue Reading

ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ  බැසිල් රාජපක්ෂ යන මහත්වරු අතර පැවති සාකච්ඡාවක් එකඟතාවයෙන් තොරව අවසන් වූ බව පොදුජන පෙරමුණේ උසස් නිලධාරියෙක් පැවසීය. කෙසේ වෙතත් ජනාධිපතිවරයා හා බැසිල් රාජපක්ෂ හෙට (28) හමුවීමට නියමිත බවද එම නිලධාරියා සඳහන් කළේය. එහිදී ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ගොඩනැගීමට නියමිතContinue Reading