ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය හෙට ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර ඇත්තේ, එයින් ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා නියමය පළ කරන දිනය, නාමයෝජනා භාරගැනීමේ දිනය හා ස්ථානය සහ ඡන්ද විමසීමේ දිනය පිළිබඳව දැනුම් දීමේ අතිවිශේෂ ගැසට් පත්‍රය හෙට නිකුත් කරන බවය.Continue Reading

පසුගිය මැයි සහ ජුනි මාසවල ජල ගැලීම්, ගංවතුර, නායයෑම් හා මාර්ග අවහිරතා හේතුකොට ගෙන සේවයට නොපැමිණි රාජ්‍ය සේවකයින් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ. කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර, හම්බන්තොට, පුත්තලම, කුරුණෑගල, පොළොන්නරුව, කෑගල්ල හා රත්නපුර යන දිස්ත්‍රික්කවල රාජ්‍ය නිලධාරීන් සඳහා මෙම විශේෂ නිවාඩුව ලබා දීමට නියමිතය. එමContinue Reading

දේශබන්දු තෙන්නකෝන් මහතා  සම්බන්ධයෙන්   ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය  හේතුවෙන්  පුරප්පාඩු වන පොලිස්පති ධූරය සඳහා මධ්‍යම පළාත් භාර  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පත් කෙරෙනු  ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ. පොලිස් දෙපාර්තමේන්තුවේ මීළඟට සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා ලෙස සැලකෙන්නේ පතිනායක මහතාය. පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාට එරෙහිවContinue Reading

මහනුවර ව්‍යෛවරුන් කණ්ඩායමක් ඇතුළු විද්වතුන් එක්ව නව ක්‍රමයක් නීතී ගරුක රටක් යන තේමාව මූලික කරගනිමින්  ‘‘අපේ සන්ධානය‘‘ නමින් නව දේශ⁣පාළන සන්ධානයක් පිහිටුවා ගත්තේය. මෙම නව සන්ධානයේ සභාපති වෛද්‍ය මංගල කුමාර මහතා සහ ලේකම් ජයලාල් නිශ්ශංක යන මහත්වරු කටයුතු කරයි. අපේ සන්ධානය මංගල ප්‍රවෘත්ති සාකච්ඡාව මහනුවර ඩෙවෝන් ශාලාවේ දී අද පැවැත්විණි.Continue Reading

මුලතිව් කල්විලාන් ප්‍රදේශයේදී අද (24) කිසියම් නාඳුනන පිරිසක් සිදුකළ වෙඩිතැබීමකින්  ගොවියෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බවට මුලතිව් පොලීසිය පවසයි. ගොවියා  කුඹුරට ගොස්  සිටින අතරවාරයේදී කිසියම් පිරිසක් පැමිණ වෙඩිතැබීම සිදුකොට පලා ගොස් ඇත. එහිදී බරපතල තුවාල ලැබූ ගොවියා අසල්වාසී ගොවීන් විසින් මුලතිව් මහරෝහලට ඇතුලත් කොට වැඩිදුර ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය මහරෝහලට මරුContinue Reading

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අනුව මෙම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක වන කාලසීමාව තුළ පොලිස්පති තනතුර සඳහා නීතියට අනුකූලව සුදුසු අයෙකු නම් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාට නියම කළේය. යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පූලි සහ මහින්ද සමයවර්ධන යනContinue Reading

වතුර ටැංකියක සඟවා තිබූ ලක්ෂ විසි දෙකක් පමණ වටිනා හෙරොයින් කිලෝවකට වැඩි ප්‍රමාණයක් මිනුවන්ගොඩ අලුතෑපොළ ප්‍රදේශයේදී සිය බාරයට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි. දැනට  අත්අඩංගුවට පත්ව සිටින දාගොන්නේ අවිශ්ක නොහොත් කිරිපුතා නැමැත්තා විසින් මෙම ජාවාරම මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. මෙම මත්ද්‍රව්‍ය තොගය  ඩුබායි රාජ්‍යයේ සිටContinue Reading

ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන්  විවිධ  පරස්පර විරෝධි මත  හේතුවෙන්  ශ්‍රී ලංකා  පොදු ජන පෙරමුණේ කිසියම්  දෙදරීමක් හටගෙන ඇතැයි  වාර්තා වේ.මේ දෙදරීම හටගෙන ඇත්තේ එහි එක් පාර්ශවයක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජනාධිපති අපේක්ෂක බවට පත් කළ යුතු යැයි තරයේ ප්‍රකාශ කිරීමත් අනික් පාර්ශවය වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවටත් අදහස් මතු කිරීම හේතුවෙන් බව එමContinue Reading

පිරමීඩ ජාවාරමක් හරහා රුපියල් කෝටි 350ක මුදලක් වංචා කළ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් එම මුදල වංචා කර ඇත්තේ R3Fයන යෙදුම භාවිත කරමිනි. Ride To Three Freedom Sri Lanka නොහොත් R3F යන යෙදුම මගින් ඩිජිටල් මුදල් භාවිතය හරහා සිදුකරන පිරමීඩ ජාවාරමකින් සිදුකරන මුල්‍ය වංචාවක් පිළිබඳවContinue Reading

ලිට්‍රෝ ගෑස් හිඟයක් ඇතැම් ප්‍රදේශවල සතියක පමණ කාලයත සිට පවතින බව ගෑස් පාරිභෝගිකයෝ පවසති. එම තත්වය හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් එයට පිළියම් යොදන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් පාරිභෝගිකයෝ වැඩි දුරටත් සඳහන් කරති. මෙම තත්වය පිළිබඳව ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරීයකුගෙන් කළ විමසුමකදී පැවසුවේ ප්‍රවාහන ගැටලුවක් හේතුවෙන් ඇතැම්Continue Reading