නෝර්වුඩ් නගරයේ වැඩි මිලට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් අලෙවි කල ගැස් අලෙවි නියෝජිතයෙකුට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බව නුවරඑලිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රධාන විමර්ෂන නිළධාරි රවීන්ද්‍ර හදුහින්න මහතා පැවසීය. නෝර්වුඩ් නගරයේ ගැස් තොග සගවා ගෙන වැඩි මිලිට අලෙවි කරන බවට නුවරඑලිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියට ලද පැමිණිලිContinue Reading

අද (25) අලුයම බටහිර තුර්කියේ පුහුණු ගුවන් ගමනක් අතරතුර තුර්කි ගුවන් හමුදාවේ F-16 ප්‍රහාරක ජෙට් යානයක් කඩා වැටීමෙන් ගුවන් නියමුවා මිය ගොස් ඇති බව එරට බලධාරීන් මාධ්‍යට තහවුරු කර තිබේ. යානය ගුවන්ගත වීමෙන් මඳ වේලාවකට පසු රේඩාර් සම්බන්ධතා ඉවත් වී ඇති අතර නිලධාරීන් විසින් වහාම සෝදිසි කිරීමේ සහ ගලවා ගැනීමේContinue Reading

භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව කින්නියා පොලිස් වසමේ කිරාන් ප්‍රදේශයේ මහවැලි ගංඟා නිම්නයෙන් ගොඩ දැමූ මහා පරිමාණයේ වැලි ගබඩාවක් ඊයේ (24) පස්වරුවේ වැටලු ත්‍රිකුණාමලය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදත් බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් එහි තිබූ වැලි කියූබ් 780 ක් අත්අඩංගුවට ගනු ලැබූහ.  Continue Reading

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මහාචාර්ය සුසිරිපාල මානවඩු මහතා අද (25) උදෑසන ගාල්ලේ පිහිටි දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී වැඩභාරගනු ලැබීය.   දේශපාලන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන්, දකුණු පළාතේ ආරක්ෂක ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154ආ ව්‍යවස්ථාව ප්‍රකාරව ඊයේ (24) සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් මෙම පත්වීම සිදුකරContinue Reading

දකුණු පළාතෙත් රත්නපුර සහ මොනරාගල  දිස්ත්‍රික්කවලත් අද (25) පස්වරු 2.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවය.   මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් අනුරාධපුර, ගාල්ල, මාතර,Continue Reading

වසරේ මේ දක්වා කාලය තුළ වනඅලි මරණ 44ක් වාර්තා වී ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. ජනවාරි 01වනදා සිට පෙබරවාරි 20වනදා දක්වා කාලය තුළ මෙම මරණ සිදුව ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ‍ය. වෙඩි තැබීම්, අනවසර විදුලි රැහැන් පද්ධති සවි කිරීම්, දුම්රිය අනතුරුවලට ලක්වීම්, විෂ ශරීරගත වීම් සහ දියේ ගිලීම්Continue Reading

දිට්වා සුලි කුණාටුවෙන් විනාශ වු නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වූ පාසල් 03ක අවතැන් කදවුරුවල තාවකාලිකව රැදී සිටින මෙවර අපොස සා/පෙළ විභාගයට පෙනී සිටින ළමුන් 19 දෙනෙකුට විශේෂ සහනයක් ලබා දීමට නුවරඑලිය අධ්‍යාපන අධ්‍යක්ෂක ඩී.එම්.එස්.කේ. දිසානායක මහතා පියවර ගෙන ඇත. දිට්වා සුලි කුණාටුවෙන් නුවරඑලිය කොන්කෝඩියා දමිළ මහා විද්‍යාලය, යොස්පෝඩ්Continue Reading

නානුඔය ඇල්ජින් සිට කොත්මලා ඔයට ජලය ගලා බසිනා ආග්‍රාඔය හරහා ඉදි කර තිබූ යකඩ පාලම දිට්වා සුලි කුණාටුවෙන් කැඩී යෑමෙන් පසු එම පාලම භාවිතා කල පාසල් ළමුන් ඇතුලු වතු ගණනාවක වතු කම්කරුවන් විශාල පිරිසක් දැඩි ලෙස පීඩාවට පත් වී ඇත. ලිදුල මෙරායා ප්‍රදේශයේ සිට නුවරඑළියේ හෙන්බෝල්ට් වතුයාය, මෙක්කර්සේනායි, ඔටුවේලි සහContinue Reading

නුවරඑලිය ප්‍රදේශයට පැමිණ සංචාරකයන් සහ නුවරඑලිය ප්‍රදේශයේ තරුණයන්ට හෙරොයින් මත්ද්‍රව්‍ය බෙදාහැරිමේ ජාවාරමේ නිරතව සිටි කාන්තාවක් නුවරඑලිය කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිළධාරින් විසින් (23) දින සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. MY BUSINESS නමින් WHATSAPP සමාජ මාධ්‍ය ඔස්සේ මත්ද්‍රව්‍ය ගැනුම්කරුවන් හදුනාගෙන පසුව ඔවුන්ගෙන් මුදල් EZY CASH ක්‍රමයට ලබා ගෙන එයට අදාළ මත්ද්‍රව්‍ය ස්ථාන ගත කරContinue Reading

දකුණු පළාතෙත් රත්නපුර, මොනරාගල  සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ  සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම්Continue Reading