ගාසා නගරය යටත් කර ගැනීමේ සැලැස්මට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා අනුමැතිය ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම ඒ සඳහා ආරක්ෂක භටයින් 60,000ක් පමණ කැඳවීමට අවසර දී ඇති බව ද විදෙස් මාධ්‍ය තහවුරු කර තිබේ.Continue Reading

ප්‍රමිතියෙන් තොර අධ්‍යාපන වේදී උපාධි ලබා ගත් පිරිස් මින් ඉදිරියට ගුරු සේවයට බඳවා නොගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් ලබා දෙන අධ්‍යාපනවේදී උපාධිවල ප්‍රමිතිය සම්බන්ධයෙන් කමිටුවක් මගින් සොයා බැලූ බවයි. එහි වාර්තාව මේ වනවිට අධ්‍යාපන අමාත්‍යංශයට ලැබී ඇති බව ඔහුContinue Reading

පෑලියගොඩ, වෙදමුල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට මොට ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි. ඊයේ (19) සවස් කාලයේ දී මේ සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත. ඝාතනයට ලක්ව ඇත්තේ, වයස අවුරුදු 46ක් වූ වෙදමුල්ල, කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  මියගිය පුද්ගලයා හා තවත් පුද්ගලයෙකු අතර ඇති වූContinue Reading

ගම්පහ දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය හා අපරාධ ජාලයට සම්බන්ධ පුද්ගලයින් පිරිසක් අවි ආයුධ සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් 10කු මෙහිදී අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය. මීට අමතරව පරකන්දෙණිය, දළුවකොටුව සහ කටාන යන ප්‍රදේශවල සිදුකළ වැටලීමක දී සැකකරුවන් සතුව තිබීContinue Reading

ගොවීන් සඳහා පොහොර සහනාධාරය ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව රජය මඟින් ගොවීන් වෙත පොහොර සහනාධාර ලබාදීමේ දී එම සහනාධාරය නිසි වේලාවට ලැබෙන බව සහ එම මුල්‍යාධාරය ඔවුන් විසින් සිය ගොවිතැන් කටයුතු සඳහා වන පොහොර අවශ්‍යතාව සඳහා සම්පූර්ණ වශයෙන් යොදා ගන්නා බව සහතික කරගැනීමේContinue Reading

පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේ දී අද (19) උදෑසන නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර තිබේ. යතුරුපැදියකින් පැමිණ සිදුකළ මෙම වෙඩිතැබීමෙන් පෑලියගොඩ මාළු වෙළෙඳාමේ යෙදෙන පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.Continue Reading

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අත්අඩංගුවට ගැනීමට අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබේ. පොලිසිය විසින් අධිකරණයට සිදුකරන ලද කරුණු දැක්විමක් සැලකිල්ලට ගනිමින් මෙම වරෙන්තු නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේය. ඒ අනුව, අතුරලියේ රතන හිමි අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහෙස්ත්‍රාත්Continue Reading

ගෝලීය විද්‍යුත් වාහන තරගයේදී සියල්ලන් අභිබවා පෙරට පැමිණ සිටින චීනය දැන් මුළුමනින්ම විද්‍යුත් බලයෙන් ක්‍රියාකරන EV වෙනුවට විදුලිය සහ ඉන්ධන යන දෙආකාරයෙන්ම ක්‍රියාකළ හැකි Hybrid වාහන වෙත වැඩි නැඹුරුවක් දක්වන බව වාර්තා වෙයි. මේ තත්ත්වය සංඛ්‍යාලේඛන දත්ත මගින්ද තහවුරු වී තිබේ. 2024ට සාපේක්ෂව 2025 වසරේ මුල් අර්ධයේදී චීනයේ බැටරි සහContinue Reading

මානවරූපී ගර්භණී රොබෝවරුන් නිපදවීම කෙරෙහි චීනයේ අවධානය යොමුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. කළලයක් පිළිසිඳ ගැනීමේ සිට දරු උපත දක්වා ගර්භණී කාලයක් දැරිය හැකි කුසක් සහිත රොබෝවරුන් නිර්මාණය කිරීමේ තාක්ෂණය අත්හදා බැලෙන්නේ ග්වැන්ජෝ හි තාක්ෂණ ආයතනයක් මගිනි. කෙසේ වෙතත්, ඩිම්බ සංසේචන කාර්ය සිදුවන්නේ කෙලෙසද යන්න මෙතෙක් පැහැදිලි කර නොමැත.Continue Reading

එළඹෙන මාසයේ සිට ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමවේදය යළි ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා. ඒ සඳහා සුදුසු පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා මේ වන විට දැනුවත් කරමින් පවතින බවයි එම මණ්ඩලයේ සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි මහතා පැවසුවේ. කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සහ ධීවර දෙපාර්තමේන්තුව එක්වයි මෙමContinue Reading