මඩකලපුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ මඩකලපුව කළුවන්කේනි වෙරළ ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී සිදුකළ විශේෂ සෝදිසියකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ විදෙස් රටකට සංක්‍රමණයවීමට උත්සහ කළ බව කියන පුද්ගලයන් 78 දෙනකු සිය බාරයට ගත් බව නාවික හමුදා කියයි.  නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක යාත්‍රා බලඝණයට අයත් පි 491Continue Reading

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 50කින් ඉහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම කටයුතු කර තිබේ. ඒ අනුව, මෙතෙක් රුපියල් 4860ක්ව පැවති එම ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4910ක් වන බවයි එම සමාගම නිවේදනය කරන්නේ. එමෙන්ම අනවශ්‍ය ලෙස ගෑස් තොග රැස්කිරීම වැළැක්වීම සඳහා ගෑස් මිලදී ගන්නා අවස්ථාවේදී මැයි මාසයේ විදුලිContinue Reading

පසුගිය (09) වෙනිදා පැවසූ පරිදි තමන් ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට නිල වශයෙන් දැනුම් දී තිබෙන බව අගමැති මාධ්‍ය අංශය පවසනවා. ඔවුන් පවසන ආකාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජුලි 13 වනදා ඉල්ලා අස්වීමට නියමිත යි.Continue Reading

රටේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වු විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (11) කැඳවා තිබේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 2ට පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ලබන 13 වනදා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත් වීමෙන් අනතුරුව නව ජනාධිපතිවරයෙකුContinue Reading

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසන්නේ, ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සිය අස්වීමේ ලිපි භාරදෙන තෙක් තමන් ඇතුළු පිරිස අඛණ්ඩව අරගලයේ නිරත වන බවයි. මේ වනවිටත් ගෝල්ෆේස් හා ඒ අවට තවදුරටත් අරගලයේ සාමාන්‍ය ජනතාව විශාල පිරිසක් රැඳී සිටිනවා. එමෙන්ම කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ආරක්ෂාව තවදුරටත් තර කර තිබෙනවා. තවදContinue Reading

ආණ්ඩුවට එරෙහි ඊයේ (09) සිදු වු විරෝධතා අතරතුර ඇතිවූ සිදුවීම්වලින් පුද්ගලයින් 103 දෙනෙකු තුවාල ලබා තිබේ. ඔවුන්ගෙන් පිරිසක් කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර තවත් 55 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශිකාවක සඳහන් කළාය. තුවාල ලැබූවන් අතර මාධ්‍යවේදීන් 11 දෙනෙකු සහ ආරක්ෂක අංශ සාමාජිකයින් 05Continue Reading

සබරගමුව පළාතේත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.Continue Reading

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන 13 වනදා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට කතානායකවරයාට දැනුම්දී තිබෙනවා.අද පස්වරුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී ගනු ලැබූ තීරණ කතානායකවරයා විසින් ජනාධිපතිවරයාට දැනුම්දී තිබුණා.අනතුරුවයි ජනාධිපතිවරයා විසින් කතානායකවරයා වෙත සිය තීරණය දැනුම්දී ඇත්තේ.Continue Reading

කොළඹ ගාලු මෝදර ආශ්‍රිත පැවැත්වෙන විරෝධතාවලට සහභාගීවූ පුද්ගලයන් 12 දෙනකු ඇතුළු 14 දෙනකු තුවාල ලබා මේ වන විට කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශිකාවක් පැවසුවාය. එම පිරිස අතර පොලිස් නිලධාරින් දෙදෙනකු වන බව ඇය වැඩිදුරටත් පැවසුවායContinue Reading

කොළඹ කොටුව පරිශ්‍රයේ විරෝධතාවයේ නිරත විරෝධතාකරුවන් මේ වනවිට කොළඹ කොටුව ජනාධිපති මන්දිරය පරිශ්‍රයට ඇතුළුවී ඇති බව වාර්තා වෙයිContinue Reading