පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු රක්වාන මැදගංගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ උඩවලව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බවය. සැකකරු සතුව තිබී කෝඩයිට් කිලෝ ග්‍රෑම් 3කට ආසන්න ප්‍රමාණයක්, ඇමෝනියෝ කිලෝ ග්‍රෑම් 9කට අධික ප්‍රමාණයක්, වොටර් ජෙල් කුරූ 15ක්, ඩෙටනේටර් 28ක්, සහContinue Reading

පෙරහර විශේෂ රාජකාරිවල නිරත පොලිස් කණ්ඩායමක් විසින් සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී ජාතික හැඳුනුම්පත් 14 ක් හා රියැදුරු බලපත්‍රයක් ළඟ තබාගෙන සිටි මහනුවර පෞද්ගලික බැංකුවක කළමනාකාරවරයකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ බැංකුව පෙරේදා (04) පෙරහර ආරම්භ වීමට පැයකට පමණ පෙර පරීක්ෂා කිරීමේ දී කළමනාකාරවරයා භාරයේ තිබී මෙම හැඳුනුම්පත් හා රියැදුරු බලපත්‍රයContinue Reading

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් විජේසූරිය මහතා පවසයි. ඔහු සඳහන් කළේ ලබන 11 වෙනිද පෙරවරු 8 ට පෙර සිය ගැටලුවලට විසඳුම් ලබා නොදෙන්නේ නම් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ක්‍රියාත්මකContinue Reading

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටියදී ඉන් පලා යාමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා 50 ක් යටතේ නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් “හරක් කටා” ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අලුත් නඩුවක් ගොනු කර තිබේ. කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ මෙම නඩුව අද (05) කැඳවනු ලැබීය.  ඉන් අනතුරුවContinue Reading

නීත්‍යානුකූල නොවන ආකාරයෙන් සේවය හැරගොස් සිටි ත්‍රිවිද හමුදා සමාජිකයින් 3,500කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි. එම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ පසුගිය පෙබරවාරි මස 22 වන සිට අගෝස්තු මස 3 වන දින දක්වා කාලය තුළ සිදුකළ මෙහෙයුම්වල දී සේවය හැරගොස් සිටි ත්‍රිවිද හමුදා සාමජිකයින් 3,504 දෙනෙකු අත්අඩංගුවට ගෙනContinue Reading

අන්තර්ජාලය ඔස්සේ මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කළ විදේශ ජාතික සැකකරුවන් 08ක් හා සැකකාරියන් 03ක් තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (04) රාත්‍රී කාලයේ තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී තලංගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබුණි. එහිදී පරිගණක හා ජංගම දුරකථන උපයෝගී කර ගනිමින් අන්තර්ජාලය ඔස්සේ මුදල්Continue Reading

අද (04) කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ වී විනාඩි 10ක් වැනි කාලයක් තුළ සියලු කොටස් මිල දර්ශකයේ අගය ඉතිහාසයේ ප්‍රථම වරට ඒකක 20,000 සීමාව ඉක්ම වීමට සමත් විය. ඒ වන විට රු. මිලියන 432 ඉක්මවූ ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබුණි.Continue Reading

ජාතික ධීවර යාත්‍රා සංගණනය අද (04) ආරම්භ වීමට නියමිතය. එහි පළමු අදියර අද පානදුර ධීවර වරායෙන් ආරම්භ වන අතර එය ලබන 20 වනදා දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කරන බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය සඳහන් කළේය. වසර 10කට පමණ පසු, මුළු දිවයිනම ආවරණය වන පරිදි මෙම ධීවර යාත්‍රා සංගණනයContinue Reading

පසුගිය මාස හයක කාලයක් තුළ සංචාරකයන් පැමිණීමෙන් ඩොලර් බිලියන 3.7ක ආදයමක් උපයා ඇති බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. මේ වසර අවසානය වන විට තවත් ඩොලර් බිලියන 3.7ක ආදයම් ඉලක්කයක් අපේක්‍ෂා කරන බව ඔහු සඳහන් කළේය. නුවරඑළිය සීතා අම්මන් කෝවිලේ, පැවති උත්සවයට එක්වෙමින් අමාත්‍යContinue Reading

රුපියල් මිලියන 12 ක පමණ වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු රාජගිරිය ප්‍රදේශයේ අත්අඩංගුවට ගෙන තිබේ. යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත බත්තරමුල්ල සුරා බදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිළධාරීන් සමඟ එක්ව සිදුකරන ලද වැටලීමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බව යුද හමුදාව පැවසුවේය. එහිදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම්Continue Reading