මියන්මාරයේ කදවුරු තුළ බලහත්කාරයෙන් සයිබර් අපරාධ සඳහා යොදවා සිටි ශ්‍රී ලාංකිකයන් 20 දෙනකු පෙරේදා (5) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ. පිරිමි පුද්ගලයන් 16 දෙනෙක් සහ තරුණ කාන්තාවෝ 4ක් මේ පිරිසට අයත් වූහ. මොවුන් මෙරටට ගෙන්වාගැනීම සඳහා ජාත්‍යන්තර සංක්‍රමණිකයන් සඳහා වූ ආයතනය මැදිහත් වී ක්‍රියාත්මක වී තිබිණි. මොවුන් මියන්මාරයේ සිටContinue Reading

නොමිලේ වීසා පහසුකම යටතේ රටවල් 35ක පුරවැසියන්ට මෙරටට ඇතුළුවීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ. එක්සත් රාජධානිය, අමෙරිකාව, කැනඩාව, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, සෞදි අරාබිය, චීනය, ඉන්දියාව, රුසියාව, දකුණු කොරියාව සහ ජපානය ඇතුළු රටවල් 35ක් ඊට අයත්ය. එම අවස්ථාව ලැබෙන්නේ 2024 ඔක්තෝබර් 01 සිට මාස 06ක කාලයක් සඳහාය. වැඩි විස්තර පහතින් දැක්වෙයි.Continue Reading

ඉඩම් හිමි විශ්‍රාමික ධනවත් පුද්ගලයෙකුට දුරකථනයෙන් මරණීය තර්ජන කර රුපියල් ලක්ෂ 40ක කප්පම් මුදලක් ලබාගැනීමට උත්සාහ දැරූ පුද්ගලයෙකු බණ්ඩාරගම දී  අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. එම සැකකරු, විශ්‍රාමිකයාට තර්ජනය කිරීම සඳහා යොදාගත් ජංගම දුරකථනය, සිම් කාඩ්පත් දෙකක්, සැකකරුට කප්පම් මුදල් ලෙස ලබාදීමට සකස් කළ කඩදාසි කොළContinue Reading

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (18) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය.Continue Reading

සතර මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් අනතුරුව මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ කටයුතු අද (05) ආරම්භ කෙරේ. නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සතර මහා දේවාලයන්හි දී කප් සිටුවීමේ මංගල්‍යය අද පෙරවරු 4.10ට යෙදී තිබු සුභ මොහොතින් සිදුවිය. කප් සිටුවීමෙන් අනතුරුව දින පහක් දේවාල අභ්‍යන්තර පෙරහර පවත්වා ප්‍රථම කුඹල් පෙරහර මේ මසContinue Reading

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග තැපැල් ඡන්දය සඳහා අයදුම්පත් කැඳවීමේ චක්‍රලේඛය මැතිවරණ කොමිසන් සභාව විසින් ප්‍රකාශයට පත් කර ඇත. මැතිවරණ කොමිසන් සභාවේ නිල වෙබ් අඩවියේ තමන්ගේ ලියාපදිංචියට අදාළ තොරතුරුවලට අනුව තැපැල් ඡන්ද අයදුම්පත් සම්පූර්ණ කර ස්වකීය ආයතනයේ සහතික කිරීමේ නිලධාරියා මගින් අද දිනට ප්‍රථම ඡන්ද හිමි නාමලේකනයේ නම සදහන් දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික්Continue Reading

වත්තල, මාබෝල ප්‍රදේශයේ බහාලුම් අංගනයකට යාම සඳහා පැමිණි ලොරි රථයක් රියදුරු නොමැතිව මාර්ගයේ නවතා තැබීම හේතුවෙන් රථවාහන රාජකාරියේ නිරත පොලිස් සාජන්වරයෙකු එහි ඉදිරිපස රෝදයේ හුළං යවන රූපරාමු පෙළක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි. එම පොලිස් නිලධාරියා එහිදී පවසන්නේ මාර්ගයේ ගමනාගමනයට බාධාවීම හේතුවෙන් එලෙස හුළං යැවූ බවය. මෙම සිද්ධියContinue Reading

අද (30) උදෑසන කින්නියා පොලිස් වසමේ කින්නියා අල් අක්ෂා පිරිමි විද්‍යාලයේ ගොඩනැගිල්ලක වහලේ තිබූ බඹර කූඩයක කොටසක් කඩා වැටීමෙන් එම විද්‍යාලයේ ළමුන් පිරිසක් බඹර ප්‍රහාරයකට ලක්වී තිබේ. එහිදී වයස අවුරුදු 10ත් 15ත් අතර ළමුන් 42ක් පමණ තුවාල ලබා තිබුණි. තුවාල ලැබූ ළමුන් කින්නියා රෝහලට ඇතුළු කළ බව පොලීසිය පැවසීය.Continue Reading

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කළ නියෝගය බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමේ නියෝගය අගෝස්තු මස 09 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කළේය. ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපුContinue Reading

ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ උප්පුවේලි, වැලිපැන්න, කෑගල්ල සහ මීටියාගොඩ යන ප්‍රදේශවල මෙම අනතුරු සිදුව ඇති බවය. උප්පුවේලි, කිළිකුංචිමලේ හන්දිය ප්‍රදේශයේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් 39 හැවිරිදි යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කිරීමේ දීContinue Reading