පොසොන් සතිය අද (07) සිට ආරම්භ වෙයි. ඒ අනුව ලබන 13 වනදා දක්වා පොසොන් සතිය ක්‍රියාත්මක වෙන අතර අනුරාධපුර නගරය, මිහින්තලය සහ තන්තිරිමලය යන සිද්ධස්ථාන කේන්ද්‍ර කරගනිමින් ජාතික පොසොන් උත්සවය පැවැත්වීමට සැලසුම් කර තිබේ. ජාතික පොසොන් උත්සවය සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇතිContinue Reading

ජුනි මස 10 වනදා සිට දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (07) නිකුත් කළ නවතම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං ද බලාපොරොත්තු වියහැකි බවය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේContinue Reading

කතාබහට ලක්ව තිබෙන බහාලුම් 323 මුදාහැරීම ගැන ප්‍රකාශ ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (6) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. එහිදී ඔහු පවසා සිටියේ, බහාලුම් මුදාහැරීම ගැන කැඳවිය යුතුව ඇත්තේ විෂයභාර අමාත්‍යවරයා හා නිදහස් කළ කමිටුව බවය.    එහෙත් කැඳවා ඇත්තේ, ප්‍රශ්නය ඉදිරිපත් කළ අයව පමණක් බව ද මන්ත්‍රීවරයාContinue Reading

වව්නියාව, කොක්එළිය ප්‍රදේශයේ නිවසක ගෙවත්තකට ඊයේ (5) අඩි 09ක් පමණ දිගැති කිඹුලෙකු පැමිණ තිබේ. වවුනියාව වනජිවි කාර්යාලය දන්වා සිටියේ, ප්‍රදේශවාසීන් ලබාදුන් තොරතුරක් මත කිඹුලා අල්ලාගත් බවය. ආහාර සොයාගෙන අදාළ කිඹුලා ගෙවත්තට පැමිණෙන්නට ඇති බව වනජිවි නිලධාරීන් පවසයි. අල්ලාගත් කිඹුලා ප්‍රදේශයේ ජල පෝෂක රක්ෂිතයකට මුදාහැරීමට වනජිවි නිලධාරීන් කටයුතු කර ඇත.Continue Reading

විදේශ ගතව සිටින කෙහෙල්බද්දර පද්මේ නමැති ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට විදේශ ගමන් බලපත්‍ර 2ක් සකස්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලක ඇතුළු සැකකරුවන් තුන්දෙනා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (6) නියම කළේය. ඒ අනුව සැකකරුවන් රුපියල් මිලියනය බැගින් වූContinue Reading

කටුනායක සිට සිංගප්පූරුව බලා ඊයේ (05) සවස පිටත්වූ UL 306 දරන ශ්‍රීලංකන් ගුවන් යානය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ඉන්දුනීසියාවේ මෙඩාන් ගුවන්තොටුපොළ වෙත හදිසියේ ගොඩ බැස්සවීමට කටයුතු කර තිබුණි.    එහිදී ඉන්දුනීසියානු තාක්ෂණික කණ්ඩායමක් මෙම ගුවන් යානය පරීක්ෂා කිරීමෙන් අනතුව අදාළ දෝෂය නිවැරදි කිරීම සඳහා කාලයක් ගතවෙන බවද දැනුම්දීමත් සමග ගුවන්Continue Reading

කටුනායක සිට සිංගප්පූරුව බලා ඊයේ (05) සවස පිටත්වූ UL 306 දරන ශ්‍රීලංකන් ගුවන් යානය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ඉන්දුනීසියාවේ මෙඩාන් ගුවන්තොටුපොළ වෙත හදිසියේ ගොඩ බැස්සවීමට කටයුතු කර තිබුණි.    එහිදී ඉන්දුනීසියානු තාක්ෂණික කණ්ඩායමක් මෙම ගුවන් යානය පරීක්ෂා කිරීමෙන් අනතුව අදාළ දෝෂය නිවැරදි කිරීම සඳහා කාලයක් ගතවෙන බවද දැනුම්දීමත් සමග ගුවන්Continue Reading

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතියේ ඇතිවූ දෝෂ සහිත තත්ත්වයට විසදුම් ඉල්ලා ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය අද (06) දහවල් 12 සිට මුහුදුබඩ දුම්රිය ධාවනයෙන් ඉවත්වීමට සූදානම් වෙන බව වාර්තා වෙයි. අදාළ ගැටලුව සම්බන්ධයෙන් අද උදෑසන දුම්රිය සාමානාධිකාරීවරයා සමග සාකච්ඡා කිරීමට නියමිතව ඇති අතර, එහිදී ඔවුන්ට සාධනීය පිළිතුරක් නොලැබුණහොත් ඉහත තීරණය ක්‍රියාක්මකContinue Reading

පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීන් 5කට අයත් වෘත්තීය සමිති විසින් ආරම්භ කළ වැඩවර්ජනය අද (06) දෙවන දිනටත් සිදුකරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ ලේකම් චානක ධර්මවික්‍රම මහතා පවසයි. පැය 24ක මෙම වැඩවර්ජනය ඊයේ (05) උදෑසන 8ට ආරම්භ වූ අතර අද උදෑසන අවසන් කිරීමට නියමිතව තිබුණි. එහෙත් ඊයේ රැස්වූ පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධContinue Reading

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතියේ දෝෂයක් හේතුවෙන් දුම්රිය දෙකක් එකම දුම්රිය පිල්ලේ එකම දිසාවට ළංව ධාවනය වීමේ පුවතක් අද (05) වාර්තා විය. අද පෙරවරු 9.45 ට පමණ පානදුර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ අංක 328 දරන මන්දගාමී දුම්රියට පානදුර, මොරටුව අතර ප්‍රදේශයේදී ඉදිරියට ධාවනය වීම සඳහා එම සංඥා කුලුනේContinue Reading