රුපියල් මිලියන 12ක පමණ වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 200ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් එම සැකකාරිය අද (26) අලුයම අත්අඩංගුවට ගෙන ඇත. ඇය තායිලන්තයේ බැංකොක් සිට හොංකොං හරහා ශ්‍රී ලංකාවට පැමිණ තිබුණි. අත්අඩංගුවට ගත් සැකකාරිය 38 හැවිරිදි අයෙකි.Continue Reading

අයවැය මඟින් පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට රජය යෝජනා කළ ද එලෙස වැටුප් වැඩි කිරීමේ හැකියාවක් නොමැති බව ලාංකීය එක්සත් ව්‍යවසායකයින්ගේ සංසදය පවසයි. එහි සභාපති ටානියා එස්. අබේසුන්දර මහත්මිය සඳහන් කළේ, ව්‍යාපාරිකයින්ට බංකොලොත් වූ සිය ව්‍යාපාර නඟාසිටුවීම සඳහා කාලයක් අවශ්‍ය බවය. “අපි ඔබතුමන්ලාගෙන් බලාපොරොත්තු වෙන්නේ අයවැයක දාන දත්ත ටිකක්Continue Reading

සමාජ මාධ්‍ය සදහා අප්‍රේල් මාසයේ සිට සියයට 15% ක බද්දක් පනවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම සඳහා මෙම පියවර ගන්නා බව කීවේය. සමාජ මාධ්‍ය සදහා පැනවීමට යෝජනා වූයේ මීට වඩා විශාල බද්දක් බවත් එය අඩු කරමින් මෙම ප්‍රමාණය එකතු කළ බවත් පැවසීය.රාජ්‍යContinue Reading

වසර 5කට පසුව ආනයන සීමා ලිහිල් කිරීමට රජය තීරණය කිරීමත් සමග පෞද්ගලික පරිහරණය සඳහා ආනයනය කළ පළමු මෝටර් රථ තොගය කොළඹ වරායට ළඟාවිය. වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ, මෙලෙස ආනයනය කළ කැබ් රථයක් රුපියල් ලක්ෂ 245ත් 260ත් අතර මිලකට වෙළෙඳපොලට නිකුත් කළ හැකි බවය.Continue Reading

කාර්යක්ෂම ලෙස නඩු පැවරීම සඳහා ස්වාධීන අභිචෝදක කාර්යාලයක් පිහිටුවීමට අවධානය යොමු කළ බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.ඒ සඳහා මූලික සාකච්ඡාවක් ඊයේ පැවති බවන් නීතිපති දෙපාර්තමේන්තුව, පොලිසිය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ විනිශ්චයකාරතුමන් ද සහභාගී වූ බව අමාත්‍යවරයා සදහන් කරයි. මේ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියContinue Reading

නිකුත් කිරීමට ඉතිරිව පවතින සියලු ගුවන් ගමන් බලපත්‍ර මාසයක් තුළ නිකුත් කර එම ක්‍රියාවලිය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ගරු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිටත් ක්‍රමිකව සිදු කෙරෙමින් පවතින බවද අමාත්‍යවරයා පැවසුවේය. ඔහු මෙම අදහස් පළ කළේContinue Reading

මෙරට තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි 58ක් සහ එහි අනුගාමිකයන් 1400ක් ද ඒවායේ ගෝඩ්ෆාදර්ලා ද විදෙස් රටවල සිට ක්‍රියාත්මක වන ආකාරය ද හඳුනා ගෙන ඇතැයි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පෙරේදා (22දා) පැවැසීය. 2023, 2024, 2025 වසරවල අපරාධවල වැඩිවීමක් පවතින බවට තමන් පිළිගන්නා බවද සැකකරුවන් 190 කට රතු නිවේදන නිකුත් කිරීමටContinue Reading

කොටහේන ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩිතබා සිදුකළ ඝාතනයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසු ගිය 21 වනදා කොටහේන ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ අපරාධය සම්බන්ධයෙන් කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබිණි. ඒ අනුව, විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරක්Continue Reading

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් ලබාදීම සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය අනුගමනය කරන ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් සිදුව නොමැති බවය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පොලිස් ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත්ව තිබූ අතර ඒ සම්බන්ධයෙන් සොයාබලා සුදුසුContinue Reading

බස් රථයක ගමන්මලු රඳවනය තුළ තිබූ බෑගය තිබී ජීව පතරොම් 123ක් පොලිස් භාරයට ගෙන තිබේ. මෙම ජීව පතරොම් තොගය බස් රථයේ ගමන්මලු රඳවනය තුළ තිබූ බෑගයක් තුළ කුඩා යකඩ පෙට්ටියක දමා තිබියදී සොයාගෙන ඇත. ඊයේ (22) දහවල් කාලයේ බණ්ඩාරවෙල පොලිස් වසමේ බණ්ඩාරවෙල නගරයේ බස් නැවතුම්පොළ අසලදී කොළඹ සිට බදුල්ල බලාContinue Reading