යාපනය,ඉලවාලෙයි ප්‍රදේශයේ නිවසක තිබි කාන්තා මළ සිරුරක් සොයාගත් බව යාපනය ඉලවාලෙයි පොලීසිය පවසයි. පොලීසිය පැවසූවේ ලද තොරතුරක් මත නිවසක තනිව විසු වයස අවුරුදු 74ක් වු කාන්තාවකගේ මළ සිරුරක් එලෙස අදාළ කාන්තාව ජිවත්වු නිවස තුළ තිබි ඊයේ (01) සොයාගත් බවයි. මියගිය කාන්තාවගේ සහෝදරයෙකු මියගිය කාන්තාව වෙත දුරකථන ඇමතුමක් ලබාදී ඇති අතර, දුරකථනයContinue Reading

පුත්තලම – ත්‍රිකුණාමලය මාර්ගයේ හොරොව්පතන 134 කිලෝමීටර් කණුව ප්‍රදේශයේදී සිදුවු අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.  පොලිසිය පැවසුවේ යතුරුපැදි දෙකක් එකිකෙන ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය. අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරුවන් දෙදෙනා හා පසුපැදිකරුවන් දෙදෙනා ප්‍රතිකාර සඳහා හොරොව්පතාන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් පැදිකරුවෙකු මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ 64 හැවිරිදි කපුගොල්ලෑවContinue Reading

වෙසක් පොහොය වෙනුවෙන් සංවිධානය කරන දන්සැල් ලියාපදිංචිය එළැඹන සඳුඳා (4) සිට ආරම්භ කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කටයුතු යොදා තිබේ. එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පවසා සිටියේ, දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් එම කටයුතු ආරම්භ කරන බවය. දන්සැල් පැවැත්වීමට අදාළ විශේෂ මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වනවිටContinue Reading

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (01) පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවය. බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසනContinue Reading

කොළඹ නාගරික ප්‍රජාවගේ අප්‍රේල් මාසයේ‍ පාරිභෝගික උද්ධමන අනුපාතය සියයට 5.4ක් දක්වා ඉහළ ගොස් තිබේ. එය පසුගිය මාර්තු මාසයේ සියයට 2.2ක් ලෙස වාර්තා වූ බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.  2026 අප්‍රේල් මාසයේදී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය)  සියයට 2.8ක් දක්වා වැඩිවී ඇති අතර  2026 මාර්තු මාසයේදී එය වාර්තා වූයේ සියයට 0.7ක්Continue Reading

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩු හතරක තීන්දු ප්‍රකාශයට පත් කිරීම මැයි මස 26 වන දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය‍ මෙම නඩුවල තීන්දු අද (30)  කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි. කෙසේවෙතත් විනිසුරුවරයාContinue Reading

අමෙරිකාව විසින් රඳවාගෙන සිටින ඉරාන ධජය සහිත බහාලුම් නෞකාවේ සිටි ඉරාන කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකු නිදහස් කර නැවත ඉරානයට යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  එම නෞකාවේ තවත් ඉරාන කාර්ය මණ්ඩල සාමාජිකයින් 22 දෙනෙකු TOUSKA නෞකාවේ රැඳී සිටින අතර ඉරාන නිලධාරීන් ඔවුන් නිදහස් කර ගැනීම සඳහා කටයුතු කරමින්Continue Reading

මධ්‍යම කඳුකරය සුරක්ෂිත කර පෝෂණය කිරීමේ නව අධිකාරිය පිහිටුවීමට අදාළ ක්‍රියාවලියේ ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ. ජනාධිපති කාර්යාලයේ දී එම සාකච්ඡාව පවත්වා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. පසුගිය දිට්වා සුළි කුණාටුව හමුවේ සිදුවූ නායයාමෙන් මධ්‍යම කඳුකරයට විශාල හානියක් සිදු වූ අතරContinue Reading

ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ෆිරෝසාබාද් (Firozabad) නගරය ලෝක ප්‍රසිද්ධ වී ඇත්තේ වීදුරු සහ වළලු නිෂ්පාදනයටයි.  ෆිරෝසාබාද්හි කුඩා නිෂ්පාදන මධ්‍යස්ථාන 400කට වඩා පවතින අතර, ඒවායේ මෝටර් රථ ලාම්පු ආවරණ, වළලු, විදුලි පහන් ආවරණ සහ විසිතුරු පහන් වැනි විවිධ භාණ්ඩ නිපදවයි. මේ අතර, ඉන්දියාවේ වීදුරු නිෂ්පාදනය ගත්කළ 70% වීදුරු නිෂ්පාදනය කරනු ලබන්නේContinue Reading

සංශෝධිත විදුලි ගාස්තු පිළිබද තීරණය මැයි මස 9 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.  ඒ අනුව 2026 අති විශේෂ විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සම්බන්ධයෙන් මහජන උපදේශනය අද (29) සිට ආරම්භ කරන බවද එම කොමිෂන් සභාව සඳහන් කළේය. ලෝක වෙළදපොලේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන්Continue Reading