මින් ඉදිරියට සෑම අවස්ථාවකදීම බීමත්ව රිය පැදවීම හේතුවෙන් අත්අඩංගුවට ගන්නා රියදුරන්ගේ රියදුරු බලපත්‍රය මාස 12ක කාලයක් සඳහා අත්හිටුවීමට හෝ රියදුරු බලපත්‍රය අවලංගු කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටීමට පොලීසිය කටයුතු කරනු ලබන බව පොලීසිය දැනුම්දෙයි. එබැවින් බීමතින් රිය ධාවනය නොකරන ලෙස ශ්‍රී ලංකා පොලීසිය සියලුම රියදුරන්ගෙන් ඉල්ලා සිටී.  පොලීසිය මේ බවContinue Reading

රාජ්‍ය නිලධාරීන් සඳහා පිළිගත නොහැකි තර්කානුකූල නොවන පදනමකින් සේවා ස්ථාන මාරු කිරීමේ සැලසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව සමගි ජන බලවේගය පවසයි. එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් ඒ බව පෙන්වා දෙයි. එහි දැක්වෙන්නේ, පළාත් පාලන සහකාර කොමසාරිස්වරු, පළාත් පාලන ආයතන ලේකම්වරුන් මෙන්ම සමූපකාරContinue Reading

කළු ගඟට වළං සේදීමට ගිය කාන්තාවක කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බව කළුතර දකුණ පොලීසිය පවසයි. මෙසේ කිඹුලා ඩැහගෙන ගොස් ඇත්තේ දොඩංගොඩ කොහොලාන උතුර ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි කාන්තාවකි. කළුතර කොහොලාන ප්‍රදේශයේ කළු ගඟ ආසන්නයේ දී එම කාන්තාව ව කිඹුලා ඩැහැගන ගොස් ඇති බව සඳහන් ය. කළු ගගේ බෝට්ටු යොදාContinue Reading

රථ වාහන රාජකාරියේ යෙදී සිටින නිලධාරීන්ට රාත්‍රී කාලයේ දී වාහන නැවැත්වීමේ දී ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ උපදෙස් මාලාවක් වැඩබලන පොලිස්පතිවරයා විසින් නිකුත් කර තිබේ. අදාළ රථවාහන නිලධාරියා රියදුරන්ට මනාව දර්ශනය වන ලෙස ආලෝකය පරාවර්තනය වන ලුමිනස් ජැකට් හා ලුමිනස් අත්වැසුම් පැළඳ සිටිය යුතු අතර, රථවාහන නැවැත්වීම සඳහා මේ වනContinue Reading

හික්කඩුව, දොඩන්දූව ප්‍රදේශයේ දී මුහුදේ දිය නාමින් සිටි විදේශිකයෙකු දියේ ගිලි මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 57ක් වන ඉන්දීය ජාතිකයෙකි. පොලීසිය පැවසුවේ ඊයේ (25) සවස මෙම පුද්ගලයා සිය දියණිය, පුතා සහ තවත් පුද්ගලයෙකු සමග මුහුදේ දිය නාමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවය. එම අවස්ථාවේ දී ප්‍රදේශවාසීන් විසින්Continue Reading

තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරන ලද පුද්ගලයෙකුගේ සිරුරක් පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ මාර්ගයක් ආසන්නයේ තිබී සොයාගෙන ඇත. පානදුර උතුර පොලීසියට ලද තොරතුරක් අනුව සිරුර සොයාගෙන තිබේ. මිතුරන් දෙදෙනකු අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පපුව ප්‍රදේශයට පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලීසියට පැමිණිල්ලක් ද ලැබී ඇත. ඝාතනයට ලක්වූ පුද්ගලයාContinue Reading

කුකුල් මස් කිලෝවක් අල්ලස් වශයෙන් ලබාගත් ආදායම් නිලධාරියෙක් සහ ක්ෂේත්‍ර කම්කරුවෙකු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ. කොස්ගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසික් සිදුකළ පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් ය. පැමිණිලිකරුට අයත් වෙළෙඳසැලේ ලබන වර්ෂයට අදාළ වෙළෙඳ බලපත්‍රය ලබාදීමට අවශ්‍ය කටයුතු සලසා දීම සඳහා මෙම සැකකරුවන් අල්ලස් ලෙසContinue Reading

ශ්‍රී ලංකා පොලීසිය විසින් ක්‍රියාත්මක කරනු ලබන විශේෂ රථවාහන මෙහෙයුම යටතේ ගත වූ පැය 24 තුළ බීමතින් රිය ධාවනය කළ 251 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. මේ අනුව මෙම විශේෂ රථවාහන මෙහෙයුම යටතේ බීමතින් රිය ධාවනය කළ පුද්ගලයන් ඇතුළුව සමස්ත රියදුරන් 8,747කට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබේ. උත්සව සමයේ රියContinue Reading

මාලිගාකන්ද අධිකරණය අසලදී කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සැක පිට තවත් පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලිස් ස්ථානය හා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබුණු අතරවාරයේදීය. එම විමර්ශනයේදී අනාවරණය වූ කරුණු මත අපරාධය සිදුකළ වෙඩික්කරු ගිනි අවියද සමග සැඟවContinue Reading

මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍යකර සිටි සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (24) අත්අඩංගුවට ගත්බව පොලීසිය පවසයි. මේ මස 22 වනදා මාදම්පේ පොලිස් වසමේ දෙමටපිටිය ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසු අතින් සහ පයින් පහරදී වයස අවුරුදු 42ක් වූ පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාවට සැකපිට මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. ඝාතනයට ලක්Continue Reading