පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා භාවිතා කරනු ලබන එක් වට්ස් ඇප් ගිණුමක් මේ වන විට යම් අයෙකු හැක් කිරීම නිසා එම වට්ස් ඇප් ගිණුම අක්‍රිය වී ඇතැයි වාර්තා වේ.Continue Reading

ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා වන මාස හතරක කාලයක් සඳහා අතුරු සම්මත ගිණුමක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කළේය. ඒ සඳහා මුදල් සහ ක්‍රම සම්පාදන අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ගෙන එන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූ බවද කීවේය. Continue Reading

චීනයේ සංචාරය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ට ආරාධනයක් ලැබී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ඔහු පැවසුවේ ජනාධිපතිවරයා දෙසැම්බර් මාසයේ තෙවැනි සතියේ පමණ ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා යාමට නියමිත බවයි. එම සංචාරයේ දින වකවානු තවමත් තීරණය කර නොමැති බව වෛද්‍ය ජයතිස්ස මහතා පැවසීය.Continue Reading

අමාත්‍ය මණ්ඩලයේ විෂයයන් සහ කාර්යභාරයන් ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත. එම නිවේදනය පහතින් දැක්වේ. Continue Reading

පසුගිය කාලයේ ජනතාවගේ පිළිකුලට සහ අප්‍රසාදයට පත් වූ පාර්ලිමේන්තුව යළිත් උත්තරීතර ආයතනයක් බවට පත් කරන්නට නම් සියලු මන්ත්‍රීවරුන් තමන් මහජන නියෝජිතයින් බව සිහි තබාගෙන වැඩ කළයුතු යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. දහවන පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අද (25) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදීContinue Reading

මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඉදිරියේදී ඔහු සමග සහ අනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සමග සාකච්ඡා කරන බව කථානායක අශෝක රංවල මහතා පවසයි. මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය. මාධ්‍යවේදීයා – අර්චුනා කියන මන්ත්‍රීවරයාගෙන් අශෝභන සිද්ධියක් වෙනවා පාර්ලිමේන්තුවේ ? කථානායක ආචාර්යContinue Reading

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අමාත්‍යාංශ දෙකක් සඳහා නව ලේකම්වරුන් දෙදෙනෙකු පත් කර තිබේ. ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (25) පිරිනැමිණි.‍ ඒ අනුව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා  අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මෙනවිය පත් කර තිබේ. Continue Reading

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබූ හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ V8 රථය නිදහස් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (25) නියෝග කළාය. ඒ රුපියල් මිලියන 100ක බැඳුම්කරයක් මතය.Continue Reading

මැතිවරණ කොමිෂන් සභාව යළි මෙම සතියේ රැස්වීමට නියමිතව තිබේ. ඒ අනුව එළැඹෙන බ්‍රහස්පතින්දා උදෑසන 10ට මැතිවරණ කොමිසම රැස්වනු ඇත. මහ මැතිවරණය අවසන් වීමෙන් පසු මැතිවරණ කොමිෂන් සභාව රැස්වන පළමු අවස්ථාව ද මෙය වේ. විශේෂයෙන් මෙහිදී පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බව වාර්තා වේ. පළාත් පාලන ආයතනContinue Reading

10 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් වෙනුවෙන් සිදුකරන වැඩමුළුව අද (25) ආරම්භ වේ. ඒ අනුව අද දිනයේ සිට තෙදිනක් පුරා මෙම වැඩමුළු පැවැත්වෙනු ඇත. මෙහිදී පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ඇතුළු කරුණු රැසක් පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට නියමිතය. සෑම පාර්ලිමේන්තු මැතිවරණයක් අවසානයේ තේරීපත් වන මන්ත්‍රීවරුන් වෙනුවෙන් මෙවැනි වැඩමුළුක් සංවිධාන කරනු ලබයි.Continue Reading