නීතිවිරෝධීව ඕස්ට්‍රේලියාවට යාමට තැත් කළ 54ක් අත්අඩංගුවට

නීති විරෝධි ලෙස ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයන් 54 දෙනෙකු මඩකලපුව පාලමින්මඩු ප්‍රදේශයේදී නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය කාලය පුරා ඕස්ට්‍රේලියාවට නීතිවිරෝධීව සංක්‍රමණයවන සංඛ්‍යාව ඉහළ ගොස් ඇත. ඒ හේතුවෙන් නාවික හමුදා වැටලීම් ඉහළනැංවීමටයි පියවර ගෙන තිබුණි. 

ඉකුත් 01 වැනිදා සිට මේ දක්වා ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව සංක්‍රමණය වීමට උත්සාහ දැරූ 399 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සදහන් කළේය.

ඒ අනුව ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව ඇතුළු වූ 91 දෙනෙකු එරටින් පිටුවහල් කිරීමට ද එරට රජය පසුගියදා පියවර ගනු ලැබීය.

Leave a Reply

Your email address will not be published.