විදුලි බිල සියයට 57කින් ඉහළට?

විදුලි ගාස්තුව ඉහළ දැමීම සියයට 57 කට නොවැඩි වියයුතු බවත් එම යෝජිත විදුලිගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීමට තීරණය කළ බවත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

ලංකා විදුලිබල මණ්ඩලය සියයට 82 ක ගාස්තු ඉහළ දැමීමකට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැති ඉල්ලා ඇති බව කී රත්නායක මහතා බහුතර ගෘහස්ත විදුලි පාරිභෝගිකයින් සදහා සහනයක් වශයෙන් අදාල ගාස්තු වැඩිකිරීම සියයට 57 කට නොවැඩි වියයුතු බව ද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.