රටේ ඉන්ධන සංචිත ගැන රජයෙන් පැහැදිළි කිරීමක්

ඉහළ යන උද්ධමනය කළමණාකරණය කිරීම සදහා මුදල් අච්චු ගැසීම ලබන වසරේ මුල සිට නතර කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ප්‍රවෘත්ති ප්‍රධානීන් සමග අද පැවති සාකච්ඡාවකදී අග්‍රමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. වැට් සංශෝධනයේ ආදායම අගෝස්තු මාසයේ අපේක්‍ෂා කරන බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ. කෙසේවෙතත් රජයේ ආයතනවල ආදායම මාධ්‍ය ආයතනවල ආදායමට වඩා අඩු බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.  ලබන මස අග වනවිට සංශෝධිත අයවැයක් ඉදිරිපත් කිරීමටයි අග්‍රාමාත්‍යවරයා අපේක්‍ෂා කරන්නේ. 

ජූලි 10 වනදා වනවිට පෙට්‍රල් නෞකාවක් මෙරටට ලබාගැනීමට උත්සාහ කරන බව ඔහු සදහන් කළා. ලබන මස මුල් කාලයේ ඩීසල් නෞකාවක් ලැබීමට නියමිත බවද හිටපු අමාත්‍ය සාගල රත්නායක එහිදී සදහන් කළා. 

Leave a Reply

Your email address will not be published.