තෙල් ඇණවුම් කළත් ලංකාවට එන්න දින පහක්වත් යනවා

මේ මොහොතේ ඉන්ධන නෞකාවක් ඇණවුම් කළත් එය මෙරටට ඒමට දින පහක්වත් ගතවන බව ලංකා බනිජ තෙල් සංස්ථාව පවසයි.

ඉන්දියාවෙන් නෞකාවක් ඇණවුම් කළත් එය මෙරට වරාය වෙත ගෙනා පසු මුතුරාජවෙලට හා කොළොන්නාවට තෙල් තොග ගොඩබා රටපුරා බෙදා හැරීමට දින හය හතක් අවශ්‍ය වන බවද තෙල් සංස්ථා නිලධාරීහු කියා සිටිති.

1969 වසරේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව ස්ථාපිත කළ පසු සංස්ථාව සතු තෙල් ටැංකි ගබඩාවල මාස හයකට අවශ්‍ය පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් ගබඩා කළ මුත් පසු කාලයේ මාස තුනකට එය අඩු විය.

වරින් වර බලයට පත්වූ දුර්දාන්ත පාලකයින් හා සංස්ථා සභාපතිවරුන් සංස්ථාවට දේශපාලන හෙංචයියන් බඳවාගෙන ඒ ක්‍රමවේද සියල්ල කණපිට හරවා හොරා කෑ නිසා අද සමස්ත ජාතියම ඊට වන්දි ගෙවමින් සිටින බව සංස්ථාවේ උසස් නිලධාරීහු පිරිසක් කියා සිටියහ.

Leave a Reply

Your email address will not be published.