පුෂ්පිකාගේ කිරුළ ගැල‌වෙයියේ

ලෝක විවාහක රූ රැජින තරගය නියෝජයන කිරීම සදහා සුදුසුකම් ලැබු ශ්‍රි ලංකා විවාහක රූ රැජින වන පුෂ්පිකා ද සිල්වා මහත්මිය දරණ “ශ්‍රි ලංකා විවාහක රූ රැජින නාමය” ඊයේ (8) සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට විවාහක රූ රැජින සංවිධාන කමිටුවේ අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ මහතා පියවර ගෙන ඇත.

තම සංවිධානයට පැවරී ඇති නීත්යාලනුකූල බලතල අනුව මෙම පියවර ගත් බවත්, ඒ අනුව පුෂ්පිකා ද සිල්වා මහත්මියට “ශ්‍රී ලංකා විවාහක රූ රැජින” යන නාමය දේශීය වශයෙන් හෝ ජාත්යවන්තර වශයෙන් හෝ මොනයම් ආකාරයකින් හෝ භාවිතා කිරීමට නොහැකි බව එම කමිටුවේ අධ්‍යක්ෂවරයා මෙන්ම ලෝක විවාහක රූ රැජින තරගාවලිය වෙනුවෙන් දේශීය නියෝජිතයා වශයෙන් කටයුතු කරන චන්දිමාල් ජයසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.

Leave a Reply

Your email address will not be published.