සෞඛ්‍ය ක්ෂේත්‍ර කිහිපයක් වර්ජනයක් අරඹයි

සෞඛ්‍ය සේවයේ වෘත්තීන් 8ක් හෙට (29) සහ අනිද්දා (30) සම්පූර්ණයෙන්ම සේවාවලින් ඉවත්වීමට තීරණය කර ඇති බව අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

ඔහු පෙන්වා දෙන්නේ සිය ඉල්ලීම්වලට පිළිතුරු නොලැබුණ හොත් ලබන සඳුදා සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවය.

අද (28) පැවති මාධ්‍ය හමුවකදී උපුල් රෝහණ මහතා ඒ බව පැවසීය.

සෞඛ්‍ය සේවයේ ක්ෂේත්‍ර නිලධාරීන් සහ අතුරු වෛද්‍ය සේවාවේ අනෙකුත් නිලධාරීන්ට සේවයට වාර්තා කිරීම සඳහා අඛණ්ඩ ඉන්ධන සපයා ගැනීමට හැකි ක්‍රමවේදයක් සකස් කරන්නැයි ඉල්ලමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබේ.

මේ අතර මෙම ගැටලුවලට පිළිතුරු ලබාදෙන තෙක් අනිද්දා දිනයේ සිට ක්ෂේත්‍ර සෞඛ්‍ය කටයුතු ද සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට තීරණය කර ඇත.

පරිපූරක වෛද්‍ය සේවාවේ අනෙකුත් වෘත්තීය සංගම් සහ හෙද සේවාවේ වෘත්තීය සංගම් ද ලබන සඳුදා සිට මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එකතු වෙන බවද උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published.