තැපැල් වර්ජනය තවදුරටත්

මේ වනවිට ආරම්භ කර තිබෙන තැපැල් සේවක වැඩවර්ජනය තවදුරටත් සිදුකරන බව දන්වමින් අමාත්‍යාංශ ලේකම් අනූෂ පැල්පිට මහතාට ලිපියක් ඊයේ (29) සවස යැව් බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

රටපුරා තිබෙන ඉන්ධන අර්බුදය හේතුවෙන් මතුව ඇති ප්‍රවාහන අපහසුතා සැළකිල්ලට ගෙන දිවයිනේ තැපැල් සහ උපතැපැල් කාර්යාල සතියේ දින තුනක් පමණක් විවෘත කර තැබීමට තැපැල් දෙපාර්තමේන්තුව (28) තීරණය කිරීමත් සමඟ ඊට එරෙහිව මෙම තැපැල් සේවක වර්ජනය එදිනම ආරම්භ කෙරිණි. වර්ජනයට හේතුවී ඇත්තේ එදා සිටම කොවිඩ් 19 වසංගත සමයේත් තැපැල් සේවය අත්‍යාවශ්‍ය සේවයක් ලෙස නම් කෙරුණ ද මෙවර එම සේවාව ඉන් ඉවත් කිරීම, රටට ලැබෙන විශාල භාණ්ඩ බෙදා හැරීම දින තුනක් තුළදි පමණක් සිදුකරන්න නොහැකිවීම,මහජනතාවට ගෙවන විශ්‍රාම වැටුප්, මහජනාධාර ගෙවීම්, වැඩහිටි දීමනා වැනි දේවල් දින තුනකදි පමණක් ගෙවීමට නොහැකිවීම හා තැපැල් දෙපාර්තමේන්තුවේ සිටින අනියම් හා ආදේශක සේවකයින්ට මෙයින් සිදුවන අගතියක් සිදුවීමයි.

Leave a Reply

Your email address will not be published.