ආණ්ඩුවට එරෙහිව අදත් විරෝධතා

රටතුල මතුව ඇති ආර්ථික අර්බූදය හා දේශපාලන අස්ථාවරත්වයට කිසිදු විසඳුමක් නැති ගෝඨාරනිල් ආණ්ඩුවට දැඩි ජනතා විරෝධයක් එල්ල වෙමින් පවතී.

ඒ අනුව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය හා ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය ආණ්ඩුවට විරෝධය දක්වමින් පවත්වනු ලබන “ජනතා විලාපයේ විරෝධය” ට නිදහස් වෙළඳ කලාප සේවක සේවිකාවන්ගේ සහභාගීත්වයෙන් අද(30) දින සවස 6.00 ට බියගම සියඹලාපේ හන්දියේදී විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්වේ.

මේ අතර වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය හා ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය ආණ්ඩුවට විරෝධය දක්වමින් පවත්වනු ලබන “ජනතා විලාපයේ විරෝධය” ට රොෂෙල් බාත්වෙයාර් සේවක සේවිකාවන්න, ජනතාව හා එක්ව විරෝධතා උද්ඝෝෂණයක් 2022 ජූනි 30 වන දින සවස 6.00 ට පනාගොඩ හන්දියේ බෝගස අසලදී පවත්වනු ලබන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය හා ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය බවසයි.

Leave a Reply

Your email address will not be published.