ඉහළ යන උද්ධමනයට එරෙහිව බෙල්ජියමේ ජනතාව වීදි බසී

යුක්රේන යුද ගැටුම් හේතුවෙන් සැපයුම් මාර්ග බිඳ වැටීමත්, බලශක්ති මිල ඉහළ යෑමත් හේතුවෙන් මේ මස මුල් භාගයේදී බෙල්ජියමේ උද්ධමනය 9%කින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. මේ තත්ත්වය උද්ගත වූයේ එරට රජය ඉන්ධන මිල 60%කින් වැඩි කිරීමත් සමඟ බව ද වාර්තා වේ. දශක 4කට පසු බෙල්ජියම මුහුණ පෑ මේ ආර්ථික අර්බුදයට එරෙහිව පසුගියදා අසූදහසකට වැඩි පිරිසක් වීදි බැස රජයට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බලශක්ති මිල 60%කින් ඉහළ දැමීමට එරට රජය පියවර ගැනීමෙන් පසු බෙල්ජියමේ උද්ධමනය වර්ධනය වූ බව සඳහන් වේ.

ජීවන වියදමට විසඳුම් සොයන ලෙසත්, වැටුප් වැඩි කරන ලෙසත් ඉල්ලා පැවැති මේ උද්ඝෝෂණයට බෙල්ජියමේ සියලු ක්ෂේත්‍රවල නිරතවූවන් සහභාගි වී ඇති අතර, රජයට විරෝධය දක්වමින් පිරිස බ්‍රසල්ස් නුවර දක්වා ගමන් කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

Leave a Reply

Your email address will not be published.