මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහට තවත් වසර 06ක්

ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස තවත් වසර හයක කාලයක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නැවත පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සසදහන් කරයි.

ඒ අනුව 2022 ජුලි 04 වැනිදා සිට ක්‍රියාත්මකවන පරිදි මෙම වසර 06ක කාලය බලපැවැත්වේ. 

ආචාර්ය වීරසිංහ මහතාගේ ධූර කාලය, නව ධුර කාලයක් සඳහා දීර්ඝ කිරීමට මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ ජනාධිපතිවරයා වෙත සිය නිර්දේශය ඉදිරිපත් කර තිබුණි.

ආචාර්ය වීරසිංහ මහතා මහ බැංකු ප්‍රධානියා ලෙස තවත් වාරයක් සඳහා නිර්දේශ කරන ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිඛිතව දැනුම් දී ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published.