වසර 150 කට පසු ජපානය උණුසුම් වෙයි

වසර 150 කට පසු ජපානයේ ඉහළම උෂ්ණත්වය මේ වන විට වාර්තා වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

1875 වසරෙන් පසු මෙලෙස දරුණුතම උෂ්ණත්ව ඉහළයෑමක් ජපානයෙන් වාර්තා වෙයි.

අඛන්ඩව පස්වන දිනටත් ඊයේ  (29) ටෝකියෝ නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 ඉක්මවා ගොස් තිබෙයි.

එමෙන්ම ඉසෙසාකි නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා ඇත.

අධික උෂ්ණත්වය හේතුවෙන් මේ වන විට ජපානයේ විදුලි පාරිභෝජනය ඉහළ ගොස් ඇති අතර මෙය අඛණ්ඩ විදුලි සැපයුමට බාධා එල්ල විය හැකි බව ද රජය පවසයි.

Leave a Reply

Your email address will not be published.