පුහුණුව අතර යුද හමුදා සෙබලෙකුට සිදූ වූ අවාසනාවන්ත ඉරණම

මාදුරුඔය යුද හමුදා විශේෂ බලකා පුහුණු පාසලෙහි පුහුණුව ලබමින් සිටි යුද හමුදා සෙබලෙකු වන අලි ප්‍රහාරයකින් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි

ඊයේ  (30) සවස් කාලයේ අරලගංවිල පොලිස් වසමේ වලමණ්ඩිය කැලෑ ප්‍රදේශයේ දී පුහුණු අභ්‍යාස වල නිරත වෙමින් සිටිය දී මෙම වන අලි ප්‍රහාරයට ලක් වී තිබෙයි

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු (19) ක් වන පහල දන්ගමුව ,අඹගස්දූව ප්‍රදේශයේ පදිංචි හමුදා සෙබළෙකි

අරලගංවිල පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි

Leave a Reply

Your email address will not be published.