යුක්රේනයේ සාප්පු සංකීර්ණයකට එල්ල වූ මිසයිල ප්‍රහාරය

යුක්රේනයේ ක්‍රෙට් චුංකි සාප්පු සංකීර්ණයට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් 18ක් මරුමුවට පත් වී ඇත.

 තවත් 40කට බරපතළ තුවාල සිදු වී තිබේ.

 මෙම මිසයිල ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේ එහි 1000කට අධික පිරිසක් සිටි බව යුක්රේන ජනපති ව්ලැඩමිර් සෙලෙස්කි පැවසීය.

 මේ පිළිබඳව බ්‍රිතාන්‍යයේ රුසියානු තානාපති පැවසුවේ අවි ආයුධ කම්හලකට ප්‍රහාර එල්ල කළ බවයි. එහෙත් ප්‍රහාර එල්ල වී ඇත්තේ විශාල සාප්පු සංකීර්ණයට බව බටහිර මාධ්‍ය තහවුරු කර ඇත.

Leave a Reply

Your email address will not be published.