ණය දෙන්න කලින් මේ දේවල් කරන්න – IMF කොන්දේසි දමයි

ශ්‍රී ලංකාවට විස්තීර්ණ අරමුදල් සම්පාදනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය හිමි වීමට නම් ණය ස්ථායිකරණය සම්බන්ධයෙන් මෙරට ණය හිමියන්ගේ සහතිකයක් අවශ්‍ය බව එහි නියෝජිත කණ්ඩායම ප්‍රකාශ කළා.

දස දින සංචාරය නිම කරමින් මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම දිවයිනෙන් නික්ම යාමට පෙර නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙරට බළධාරින් සමග සාර්ථක සහ ඵලදායි සාකච්ඡා පැවැත්වීමට හැකි වූ බවයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා දීර්ඝ කාලීන බදු ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවත්, ඒවා උද්ධමනය ඉහළ නැංවීමේ ප්‍රතිසංස්කරණ නොවිය යුතු බව මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම පෙන්වා දී තිබෙනවා.

එමගින් දිලිඳු සහ පීඩාවට පත්වූවන් ආරක්ෂා කර ගත හැකි බව ඔවුන්ගේ අදහසයි.

සාකච්ඡාවලින් අනතුරුව අදහස් දක්වමින් ඔවුන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

“ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටිනවා. ඉහළ උද්ධමනය මෙන් ම එය ඉහළ යන අතර ම, 2022 දී ආර්ථිකය සැලකිය යුතු ලෙස කඩාවැටෙනු ඇතැයි අපේක්ෂා කරනවා. විදේශ සංචිත ඉතා පහළ මට්ටමක පැවතීම අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට බාධාවක් වෙලා. අප කළ සංචාරයේදී සංචාරයේදී, ශ්‍රී ලාංකික ජනතාව, විශේෂයෙන් අර්බුදයෙන් අසමාන ලෙස පීඩාවට පත් දුප්පතුන් සහ අවදානමට ලක්වූවන් මුහුණ දෙන දුෂ්කරතා කිහිපයක් කණ්ඩායමට දැකගත හැකි වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවලට අනුකූලව මෙම දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහය දැක්වීමට අපගේ කැපවීම අපි යළිත් තහවුරු කරනවා.”

Leave a Reply

Your email address will not be published.