වර්ධනය වන උද්ධමනය හමුවේ ආර්ථිකය ස්ථාවරත්වයට පත් කිරීමට දැඩි උත්සාහයක නිරතව සිටින අමෙරිකාවේ කොටස් වෙළෙඳපොළ 20.6% කින් පහත වැටී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය. මේ වසරේ ගෙවුණු පළමු මාස 6 ඇතුළත එරට කොටස් වෙළෙඳපොළ එවැනි සැලකිය යුතු අයුරින් පහත වැටී ඇත්තේ 1970 වසරෙන් පසුව බවත් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
අමෙරිකාවේ කොටස් වෙළෙඳපොළ පහත වැටී ඇත්තේ දිනෙන් දින ඉහළ යන ආහාර හා ඉන්ධන වැනි අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල සහ ඉහළ යන ජීවන වියදම පාලනය කිරීමට උත්සාහ ගනිමින් සිටින අවස්ථාවකදීය. ලොව විශාලතම ආර්ථිකය ලෙස සැලකෙන අමෙරිකාවේ මෙවැනි තත්ත්වයක් උදාවීම ගෝලීය වශයෙන් ලොව සෙසු ධනවත් රටවලට ද විශාල බලපෑමක් වනු ඇතැයි එරට ආර්ථික විද්‍යාඥයන් අනාවැකි පළ කර තිබේ.