උද්ධමනය හමුවේ වැඩි වැටුප් ඉල්ලා ප්‍රංශ ගුවන්තොටුපොළ සේවකයෝ වැඩ වරති

වාර්තාගත අයුරින් ඉහළ ගිය ප්‍රංශයේ උද්ධමනයට මුහුණ දීම සඳහා වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා කම්කරුවන් ඊයේ වැඩවර්ජනයක් සහ විරෝධතා පැවැත්වීම හේතුවෙන් පැරිසියේ චාල්ස් ඩී ගෝල් ගුවන් තොටුපොළේ සහ ප්‍රංශයේ සෙසු ගුවන් තොටුපළවල ගුවන් ගමන්වලට දැඩි බාධා එල්ල වී ඇතැයි වාර්තා වේ. මේ වර්ජනය හේතුවෙන් වසර දෙකක කාලයක් කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් අඩපණ වූ එරට ගුවන් ගමන් පසුගියදා යළි ක්‍රියාත්මක කිරීමෙන් පසු සුපුරුදු ලෙස කාර්යබහුල වූ ගුවන්තොටුපොළවල් ගණනාවක දැඩි කළබලකාරී ස්වරූපයක් ගත් බව වැඩිදුරටත් වාර්තා වේ.

ප්‍රංශයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසුවේ පැරිසියේ චාල්ස් ඩී ගෝල් සහ ඔර්ලි ගුවන් තොටුපළෙන් පිටත් වීමට නියමිත ගුවන් ගමන්වලින් 17% ක් ඊයේ පෙරවරු 7 සිට පස්වරු 2 දක්වා අවලංගු කළ බවය. වර්ජනය ඉරිදා දක්වා පැවතිය හැකි බව වෘත්තීය සමිති ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published.