ඉන්ධන ගැටලුවට නිසි පිළිතුරු ලබා නොදීම හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරුන් වර්ජනයකට

සේවයට වාර්තා කිරීමේදී සේවකයන්ට ඇති වන ප්‍රවාහන ගැටලු හේතුවෙන් මේ දුම්රිය ගමන්වාර අවලංගු කර ඇති බවට තොරතුරු වාර්තා වේ. අවලංගු වූ දුම්රියන් අතර කාර්යාල දුම්රිය කිහිපයක් ද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර සේවයට වාර්තා කිරීම සඳහා දුම්රිය සේවකයන්ට ඉන්ධන නොදීම සම්බන්ධයෙන් විරෝධය පෑමට දුම්රිය නියාමකවරු සහ එනජින් රියැදුරෝ වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (01) දහවල් සිට වැඩ වර්ජනයක් ආරම්භ කළහ.

පවතින ඉන්ධන ගැටලුවට බලධාරීන් නිසි පිළිතුරු ලබා නොදීම හෙතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සියලු ස්ථානාධිපතිවරුන් මේ වර්ජනයට සහාය දක්වමින් ඉවත් වීම හේතුවෙන් කන්කසන්තුරය බලා දිවෙන ශීඝ්‍රගාමි දුම්රිය ඇතුළු දුම්රිය ගණනාවක් ප්‍රමාද වී ඇති අතර, දුම්රිය බලධාරීන් ජංගම දුරකතනවලට පවා ප්‍රතිචාර නොදක්වන බවත්

මේ තත්ත්වය සමථයකට පත් කිරීමට බලධාරීන් පියවර නොගතහොත් රට පුරා මේ වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවත්

මේ වැඩ වර්ජනය හේතුවෙන් සිකුරාදා ගම්බිම් බලා යෑමට පැමිණි පිරිස සහ සති අන්තයේ ගමන් බිමන් යෑමට පැමිණි පිරිස විශාල ලෙස කොටුව දුම්රිය ස්ථානයේ රැඳී සිටියහ.

දුම්රිය සේවකයන්ට ඉන්ධන ලබා දීමට පියවර ගැනීම හේතුවෙන් දුම්රිය වර්ජනය අත්හිටුවීමට වෘත්තීය සමිති පියවර ගෙන තිබිණි.

දුම්රිය සේවකයන්ට ඉන්ධන දීමට පියවර ගෙන ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පැවසීය.

දුම්රිය වර්ජනය හේතුවෙන් දුම්රිය 42ක් පමණ අවලංගු වූ අතර, කාර්යාල දුම්රිය බොහෝ වේලාවක් ප්‍රමාද වී ධාවනය විය.

Leave a Reply

Your email address will not be published.