ජස්ප්‍රිට් බුම්රා ගෙන් වාර්තාවක්

ටෙස්ට් ක්‍රිකට් තරගයක පන්දුවාරයකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ පිතිකරුවා ලෙස ලෝක වාර්තාවක් පිහිටුවීමට ඉන්දීය කණ්ඩායමේ ජස්ප්‍රිට් බුම්රා සමත් විය.

ඒ එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පස්වන ටෙස්ට් තරගයේ දී ස්ටුවර්ට් බ්‍රෝඩ් යොමු කළ පන්දුවාරයකදී ලකුණු 35ක් රැස්කිරීමට සමත්වෙමිනි.

එහිදී 6 පහර 2ක් සහ හතරේ පහර 4ක් සමගින් ලකුණු 29ක් රැස් කිරීමට බුම්රා සමත්වු අතර එම පන්දුවාරයට අතිරේක ලකුණු 06ක් ද ඇතුළත් වුණි.

කොදෙව් හිටපු ක්‍රීඩක බ්‍රයන් ලාරා ටෙස්ට් තරගයක පන්දුවාරයක දී ලකුණු 28ක් රැස් කරමින් 2003 වසරේ දී තැබූ වාර්තාව අද මෙලෙස බිඳ හෙලීමට බුම්රා සමත් විය.

ලාරා තැබූ එම වාර්තාව 2013 වසරේ දී ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ජෝර්ජ් බෙයිලි සහ 2019 වසරේ දී දකුණු අප්‍රිකානු ක්‍රීඩක කේෂව් මහරාජ් විසින් සමකර තිබුණි.

එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන පස්වන ටෙස්ට් තරගයේ පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 416ක් රැස් කිරීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණි.

Leave a Reply

Your email address will not be published.