ලොව අංක එකේ ක්‍රීඩිකාව කලින්ම ගෙදර

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩිකාව වන පෝලන්තයේ ඉගා ස්වේටෙක්ට වේලාසනින්ම විම්බල්ඩන් ටෙනිස් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වීම තරගාවලියේ කැපී පෙනෙනම සිදු වීම බවට පත් වෙයි.

ලන්ඩන්හිදී පැවැත්වෙන තරගාවලියේ තෙවැනි වටයේදී 32 හැවිරිදි ප්‍රංස ක්‍රීඩිකා ඇලිස් කෝර්නෙට් හමුවේ වට 2-0කින් පරාජය වීමත් සමඟ 21 හැවිරිදි ඉගා තරගාවලියෙන් ඉවතට විසි වූයේ තරග 37ක ජයග්‍රහණ මාලාව ද නිමා කරමිනි. ලකුණු 6-4ක් සහ 6-2ක් ලෙස මේ තරගය ජයගත් කෝර්නෙට් මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම්වල 37 වැනි ස්ථානයේ රැඳී සිටී.

ඉගා මේ වන විට ලෝක ටෙනිස් ශූරතාවලියේ ප්‍රමුඛම ක්‍රීඩිකාව බවට පත්ව ඇති අතර, මෑතකදී නිමා වූ ප්‍රංස විවෘත ටෙනිස් තරගාවලිය ජය ගැනීමට ඇය සමත් වූයේ පිට පිට 6 වැනි තරගාවලි ජය සටහන් කරමිනි.

මේ අතර, මින් පෙර හිටපු සුපිරි ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් පළමු වටයෙන් තරගාවලියේ ඉවතට විසි වූවාය. 7 වරක් විම්බල්්ඩන් කිරුළ දිනා ඇති සෙරීනා පරාජය කිරීමට පළමු වරට විම්බල්ඩන් තරගාවලියකට එක් වූ ප්‍රංස ක්‍රීඩිකා හර්මනි ටෑන් සමත් වූවාය. ඇය මේ වන විට අවසන් 16 දෙනාගේ වටයට එක්ව සිටී.

Leave a Reply

Your email address will not be published.