සිවිල් වැසියන් ආයුධ ළඟ තබා ගැනීමට  එරෙහිව තලේබාන් පාලකයන් පියවර නොගනී

ඇෆ්ගනිස්ථානයේ නීති විරෝධී ලෙස ගිනි අවි ළඟ තබාගත් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් එරට පොලිසිය ඔවුන් ළඟ තිබී ඒ. කේ. 47 ස්ටෝක් හයක් පිස්තෝල 13 ක් උණ්ඩ දහස් ගණනක් සහ රොකට් අත්බෝම්බ (RPG) පතල් 19 ක් සොයාගෙන ඇත. ඇෆ්ගනිස්ථානයේ දකුණු කන්දහාර් පළාතේදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ. ඇෆ්ගනිස්ථානයේ නීතිය හා සාමය සහතික කිරීමේ ප්‍රයත්නයේ කොටසක් ලෙස තලේබාන් පාලනය යටතේ පවතින පරිපාලනය පුද්ගලයන්ගෙන් ආයුධ ලබා ගැනීමට කිසිදු උත්සහයක් නොගන්නා බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

Leave a Reply

Your email address will not be published.