අර්බුදයට මුහුණ දීමට බැරිව ආජන්ටිනාවේ ආර්ථික ඇමැති ගෙදර යයි.

ආජන්ටිනාවේ ආර්ථික අර්බුදය උග්‍ර වීමත් සමඟ එරට ආර්ථික ඇමැති මාටින් ගුස්මාන් ඉල්ලා අස්වූ බව වාර්තා වේ. 2019 අගභාගයේ සිට එරට ආර්ථික අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ගුස්මාන් ආජන්ටිනාවේ විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කළ කණ්ඩායමේ ප්‍රධානත්වය දැරීය. සිය තනතුරෙන් ඉවත්වීමෙන් පසු ඔහු රජයෙන් ඉල්ලා ඇත්තේ මීළඟ ආර්ථික ඇමැති තෝරාගැනීමට පාර්ලිමේන්තුව තුළ දේශපාලන එකඟතාවකට පැමිණෙන ලෙසටය.

60% ක උද්ධමනයක් පවතින ආජන්ටිනාවේ ආහාර සහ බලශක්ති මිල ඉහළ යෑම හේතුවෙන් දැඩි ආර්ථික අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, රජයට එරෙහිව ජනතාව විරෝධතා මාලාවක් ද පවත්වමින් සිටී.

Leave a Reply

Your email address will not be published.