නිරිත දිග පකිස්තානයේ, බලුකිස්තාන් ප්‍රාන්තයේදී බස් රථයක් අනතුරකට ලක්වීමෙන් පුද්ගලයින් 19ක් ජිවිතක්ෂයට පත්ව තිබේ.
තවත් 11ක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
බස් රථය ඉස්ලාමාබාද් සිට ක්වෙටා දක්වා ධාවනය වෙමින් තිබූ අතර, එය විශාල ප්‍රපාතයකට පෙරළි ගොස් තිබේ. වැසි පවතින අවස්ථාවක අධික වේගයෙන් බස් රථය ධාවනය කිරීම අනතුරට හේතුව බව පකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.
තුවාල ලැබූවන්ගෙන් ඇතැමෙකුගේ තත්වය බරපතල වන අතර, මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව බලධාරීන් පවසයි.