හොරකම් කරලා හදපු ගෙවල් ගිනි තැබීම සාධාරණයි

මුදල්  හොරකම් කරලා හදපු ගෙවල් ගිනි තැබීම සාධාරණ බව බදුල්ල දිස්ත්‍රික් සමගි ජන බලවේග මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේ දී  පැවසීය.

තාමත් හොරකම නැති වී නැතැයි කී විජේසිරි මහතා  225 ටම හංවඩුව වැටෙන්නේ හොරා කාපු අය ආරක්ෂා කරන නිසා යැයිද හොරා කාලා තිබෙනවා නම් චමින්දගේ ගේත් ගිනි තිබ්බට කමක් නැතැයි ද කීය.

නාගරික  සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවැසූයේ හොරකම් කරපු  අයගේ ගෙවල් ගිනි තියපු එක සාධාරණයි කියනවා නම් ඒ පැත්තේ එක්කෙනෙකුට වත් ඉන්න ලැබෙන්නේ නැති බවයි.ඔවුන් ගේ ළඟ තිබෙන්නේ මහ බැංකුවෙන් හොරකම් කළ  සල්ලි බවද අමාත්‍යවරයා කීය.

Leave a Reply

Your email address will not be published.