‘‘ ගිනි කන්ද උඩ ටෙනිස් බෝල ගහන්න එපා‘‘

ගිනි කන්දක්  උඩ ටෙනිස් බෝල ගහන්නේ නැතිව හා රටේ ජනතාවගේ සහ ජාත්‍යන්තර විශ්වාසය දැනගත හැකි වැඩපිළිවෙලකට යමු යැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා (පොපෙ) පාර්ලිමේන්තුවේ දී අද (4) පැවසීය.

රටේ ජනාධිපතිවරයෙක් සිටින නමුත් ඔහු ඇහැට පේන්න නැතැයි කී වීරවංශ මහතා ජනතාවගේ පීඩාවට විසඳුමක් පේන තෙක් මානයක නැති බවද කීය.

මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න ප්‍රශ්ණ 50කට පිළිතුරු සැපයීම පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඊයේ ඇතුලත් කර තිබූ අතර එහි කටයුතු සිදු කෙරෙන අතර නැගී සිටි විමල් වීරවංශ මහතා ඉහත ප්‍රකාශය කළේය.මේ ප්‍රකාශයත් සමඟ සභාවේ යම් විවාද තත්ත්වයක් ද ඇතිවිය.

Leave a Reply

Your email address will not be published.