හමුදා නිලධාරියාගේ පා පහර ගැන හමුදාවෙන් පරීක්ෂණයක්

කරුණෑගල යක්ගහපිටිය අයි. ඕ. සී. ඉන්ධන පිරවුම් හලේ ඇති වු නොසන්සුන්තාවක් අතර තුර පිරවුම්හලේ සිටි පුද්ගලයකුගේ බඩට එහි සිටි නිලඇදුමෙන් සැරසුන හමුදා නිලධාරියකු පා පහර එල්ල කරනු වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාලාවවල සංසරණය වෙයි.

මෙම ඉන්ධනපිරවුම් හලේ දින කිහිපයකට සිට පිටස්තර පුද්ගලයන් පැමිණ එහි සිට පිරිස සමග ගැටුම් ඇතිකර ගෙන ඇති බවත්, පෙරේදා දිනයේ දී එහි ආරක්ෂාවට සිටින හමුදා සහ පොලිස් නිලධාරීන්ට පරුෂ වනයෙන් බැන වැදී ගැටුම් ඇතිකර ගත් අවස්ථාවේ සිද්ධිය සැලවී හමුදා අනදෙණ නිලධාරියා එහි පැමිණ මෙම ප‍්‍රහාර එල්ල කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් නිලන්ත පේ‍්‍රමරත්න මහතාගෙන් කළ විමසුමක දී ඒ මහතා පැවසුවේ මෙම සිද්ධියේ දී හමුදා නිලධාරියාගේ කි‍්‍රයා කළාපය සම්බන්ධයෙන් ආයතන මට්ටමින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

සිද්ධිය වු ස්ථානයේ පිිරිස හමුදා නිලධාරීන්ට පරුෂ චනයෙන් බැන වැදී පහර දීමට උත්සහ ගෙන ඇති බවට තොරතුරු වාර්තා වන බවද හමුදා ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published.