IMF ගිවිසුමට පෙර මහ බැංකුව ස්වාධීන කරන්න දූෂණ මඬින්න නීතියේ ආධිපත්‍යය සුරකින්න ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන්න

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමකට එළඹීමට පෙර මහ බැංකුවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම මෙන්ම දුෂණ මැඬලීම සඳහා ශක්තිමත් පියවර ගැනීම සහ නීතියේ ආධිපත්‍ය සුරැකීමට ප්‍රතිසංස්කරණ හඳුන්වා දියයුතු බව අමෙරිකානු සෙනෙට් සභාව ප්‍රකාශ කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනකට යාම සඳහා ණය තිරසරභාවය සහ ආර්ථික ස්ථාවරත්වය නැවත ඇති කිරීම පමණක් ඉලක්ක කරගනිමින් ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම ප්‍රමාණවත් නොවන බවද අමෙරිකානු සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුව පවසයි.

එසේ වුවහොත් සිදුවන්නේ ශ්‍රී ලංකා ආර්ථිකය තවදුරටත් දුර්වල කළමනාකරණයට ලක්වීම සහ පාලනය කළ නොහැකි ණය ප්‍රමාණයකට ගොදුරු වීම පමණක් බවද අමෙරිකානු සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.