නොගෙවූ ගොවි ණය කපා හැරීමට කැබිනට් අනුමැතිය

හෙක්ටරයාර දෙකක් හෝ ඊට අඩු ඉඩම් ප්‍රමාණයක වී වගාව සඳහා රජයේ බැංකුවලින් ණය ලබාගෙන, එම ණය මුදල්වලින් මේ වනවිටත් ගෙවීමට අතපසු වී ඇති මූලික ණය මුදල් කපා හැරීමට ඒ අනුව කැබිනට් අනුමැතිය හිමිව තිබෙයි

වී ගොවීන් විසින් ලබාගත් නැවත නොගෙ වූ ගොවි ණය කපා හැරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත

ඒ මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමි වීමක් ලෙසයි.

කොවිඩ් 19 වසංගත තත්ත්වය, පාස්කු ප්‍රහාරය සහ රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර සඳහා ගොවීන් යොමු කිරීමත් සමඟ ගොවීන් සෘජු හා වක්‍ර මාර්ගිකව මුහුණ පෑ ආර්ථික දුෂකරතාවන් හේතුවෙන් අදාළ ණය ගෙවීම් මෙම ගොවියන් විසින් පැහැර හැර ඇති අතර, ඔවුන් විසින් ලබා ගත් ණය මුදල්, අක්‍රීය ණය ලෙස බැංකු විසින් මේ වන විට වර්ගීකරණයකට ලක්කර තිබෙයි

ඒ අනුව ඉදිරි මහ කන්නයේ දී වී වගාව සඳහා ණය ලබාගැනීමේදී ගොවීන් පත්වන අසීරුතාවය සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගැනීමට කටයුතු කර ඇත

Leave a Reply

Your email address will not be published.