සිකා සහ ඩෙංගු හැදුණු අය බහුලව මදුරු දෂ්ඨනයන්ට ගොදුරු වීමේ අවදානමක්

සිකා සහ ඩෙංගු රෝගයන්ට ගොදුරු වූ පුද්ගලයන් ඒ්වා සුව වීමෙන් පසුව ඉතා බහුල ලෙස මදුරු දෂ්ඨනයන්ට ගොදුරු වීමේ අවදානමක් ඇතැයි නවතම විද්‍යාත්මක අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ. 

එම රෝග වැළැදුනු පුද්ගලයන්ගේ ශරීරයේ ම‌දුරුවන් ආකර්ශනය කර ගන්නා ගන්ධයක් වහනය වන බව පරීක්ෂණවලදී හෙළිව ඇත. 

චීනයේ සිංහුවා විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් මෙම අධ්‍යයනය සිදු කර තිබේ. 

ඩෙංගු සහ සිකා වෛරස් රෝග දෙකම ඝර්ම කලාපීය රටවල් ආශ්‍රිතව වැඩි පුර ව්‍යාප්තියක් පෙන්නුම් කරයි. 

ඩෙංගු රෝගය, මරණය සහ අප්‍රාණික බව ඇති කරන අතර සිකා වෛරසය මුල් කර ගෙන විකෘති දරු උපත් සිදු වේ. මෙම රෝග දෙකම බෝවන්නේ මදුරු දෂ්ඨනයෙනි. 

මීයන් යොදා ගනිමින් චීන විද්‍යාඥයන් පිරිසක් කළ අධ්‍යයනයකදී තහවුරු වී ඇත්තේ වරෙක එම රෝගවලට ගොදුරු වූවන් යළි ආසාදනය වීමේ වැඩි අවදානමක් පවතින බවය. 

Leave a Reply

Your email address will not be published.