ජපානයේ ආහාර මිල අහස උසට

ජපානයේ අමුද්‍රව්‍ය සහ බොරතෙල් මිල සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙන් ආහාර මිල ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. රට පුරා සුපිරි වෙළෙඳසල්වල පිසින තෙල්වල සාමාන්‍ය මිල පසුගිය වසරට සාපේක්ෂව ඉතා ඉහළ මට්ටමකට පත්ව ඇති අතර, එය 50% ක මිල ඉහළ යෑමක් බව ද වාර්තා වේ.

ගෝලීය සැපයුම් දාමය කඩා වැටීම නිසා අමෙරිකා ඩොලරයකට සහ සෙසු ප්‍රධාන මුදල් ඒකකවලට සාපේක්ෂව යෙන් මුදල් ඒකකය අවප්‍රමාණය වීමෙන් ආනයනික නිෂ්පාදනවල පිරිවැය ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. එරට සංඛ්‍යාලේඛන පෙන්වා දෙන ආකාරයට මාගරින් නිෂ්පාදන, සුදු පාන් සහ ස්පැගටි මිල 10% කින් ඉහළ ගොස් ඇතැයි ද, පිසින තෙල් සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවීම නිසා තෙල් ලීටරයක මිල යෙන් 213 සිට 323 දක්වා ඉහළ ගොස් ඇත. පසුගිය කාලය ඇතුළත එරට පිසින තෙල් මිල පස්ගුණයකින් ඉහළ දැමීමට සිදුවී ඇතැයි ද වාර්තා වේ.

යුක්රේන යුද අර්බුදය හේතුවෙන් ජපානයේ ආහාර මිල අඛණ්ඩව ඉහළ යනු ඇතැයි එරට ආර්ථික විශේෂඥයෝ කියති.

Leave a Reply

Your email address will not be published.