ජූනි 09 විදුලි වර්ජනයෙන් මණ්ඩලයට මිලියන 320ක අලාභයක්

විදුලිබල වෘත්තීය සමිති මඟින් පසුගිය ජූනි 09 වැනි දා දියත් කළ වැඩ වර්ජනය අතරතුර පෞද්ගලික බලාගාර දෙකකින් විදුලිය මිලදී ගැනීම නිසා විදුලිබල මණ්ඩලයට රුපියල් මිලියන 320ක අලාභයක් සිදුව ඇති බව මහජන උපයෝගිතා කොමිසම නිකුත් කළ වාර්තාවේ සඳහන් ය.

මෙම අලාභය සිදුව ඇත්තේ වැඩවර්ජනය දින විදුලි බලාගාරවලට ජලය සපයන විමලසුරේන්ද්‍ර,

කැනියොන්, පැරණි ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, ඉහළ කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ, උකුවෙල සහ බෝවතැන්න යන ජලාශවල ජලය වගාබිම්වලට මුදාහැර පෞද්ගලික බලාගාර දෙකකින් විදුලිය මිලදී ගැනීම නිසාය. මෙසේ වගාබිම්වලට මුදාහැර තිබුණේ විදුලි උත්පාදනයට තිබූ ජලයයි.

නමුත් ජූනි 9 වන දින විදුලිය ලබා ගැනීමට සැලසුම් කර නොතිබූ සොජිට්ස් සහ වෙස්ට්කෝස්ට් පෞද්ගලික බලාගාරවලින් විදුලිය ලබා ගැනීමට කටයුතු කර තිබෙන අතර ඒ සඳහා පිළිවෙළින් රු.මි. 128.4 ක් සහ රු.මි. 191.6 ක් විදුලිබල මණ්ඩලයෙන් වැය කිරීමට සිදුව තිබේ.

අනුමත නොකළ විදුලි කප්පාදුවක් ජූනි 9 දා සිදුකිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම සිදුකළ පරීක්ෂණ වාර්තාව ඊයේ (4) නිකුත් කෙරිණි.

එම පරීක්ෂණ වාර්තාව අනුව එදින සිදුවීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට නිර්දේශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published.