වැඩිම ස්වෛරී බැඳුම්කර ගත්තේ රනිල්ගේ කාලයේ ඔහු හිරිවැටුණු නායකයෙක්

තමන් අගමැති ධුරය බාර ගත්තත්, රනිල් වික්‍රමසිංහ වන ඔබ අගමැති ධුරය බාරගෙන හිටියත් ඔබටත් මටත් එම පුටුවේ වාඩි වීම සඳහා ජනවරමක් නැති බව මතක තබා ගන්නැයි ජාතික ජන බලවෙිගයේ මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (05)පැවසීය.

‘අඩුම තරමේ මට තියනවා ජනවරමක් සහිත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය තුනක් වත්. රනිල්, ඔබට ජනවරම සහිත පාර්ලිමේන්තුවේ මන්ත්‍රීකමක් වත් නැහැ‘ යනුවෙන් ද අනුර දිසානායක මහතා කීවේය.

එහෙම කෙනෙක් අගමැති ධුරය දින නියමයක් නැතිව තබාගෙන හිඳීම සාධාරණදැයි අනුර දිසානායක මහතා ප්‍රශ්න කළේය.

මාස හයෙන් පසු මැතිවරණයකට යමු යැයි කියන්නේ අර්බුදයෙන් ගොඩ එන්නට විශ්වාසනීය ස්ථාවර පාලනයක් අවශ්‍ය නිසා බවද මේ ආණ්ඩුවට ස්ථාවර පාලනයක් නැතැයි ද අනුර දිසානායක මහතා පැවසීය.

මස හයෙන් ණය අර්බුදයෙන් ගොඩ එන්න බැහැ. ඔබතුමා දන්නවා 2015-2019 කාලයේ අපේ ජාත්‍යන්තර ස්වයිරීය බැඳුම්කර මුළු ණය ප්‍රමාණය අරන් තිබෙන්නේ බිලියන පහලොව හමාරයි. 2007 අපි ගන්න පටන් ගත්තේ. හැබැයි 2015 වන විට අරන් තිබුණේ බිලියන තුන හමාරයි. හැබැයි 2015-2019 කාලයේ තමුන්නාන්සේ බිලියන 12ක් ගත්තා. අයිබීඑස් වෙල හිරවීමේ එකෙන් ගත්තම සියයට 75කට වැඩි ප්‍රමාණයක් තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයගේ පාලන කාලයේ. ඔබ හිතනවද ඒක මාස හයෙන් ගොඩඟන්න පුළුවන් කියලා.

මෑත කාලයේ මා දන්න විදියට අගමැතිවරයෙක් රට පාලනය කරලා ගෙදර යන්න සිදුවුණ අගමැතිවරයා ඔබ. ඔබගේ විශ්වාසයය පළුදු වෙලා තිබෙනවා. සමහරු කියනවා අන්තර් පාලනයක් හදමු කියලා සමහරු කියනවා. විපක්ෂයේ ඉදන් කරමු කියලා. මම නම් කියන්නේ ජනතාවගේ ඡන්දයෙන් විශ්වාසනීය ආණ්ඩුවක් හදමු කියලා.

ඔබතුමා අගමැතිවරයා ඒ තනතුරත් අද්දැකීමත් අනුව පිළිතුරු ලබා දෙනව නම් යෝජනා ඉදිරිපත් කරනව නම් වඩා යෝග්‍යයි. ඔබතුමා හිරි වැටුණු නායකයෙක්. ඔබතුමාට සාමාන්‍ය ජනතාවගේ හැගීම් දැනෙන්නේ නැහැ කියලා අපි දන්නවා.

Leave a Reply

Your email address will not be published.