හෙරොයින් ජවාරම් කළ කාන්තාවක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු හා මත්ද්‍ර‍ව්‍ය ජාවාරම්කරුවෙකු වන ඩුබායි නිපුනගේ රූමත් අනියම් බිරිඳ හෙරොයින් ග්‍රෑම් 20 ක් හා මුදල් තොගයක් සමග බොරලස්ගමුව පැපිලියාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි 

සැකකාරිය සමඟ රුපියල් ලක්ෂ හතරක වටිනා මත්කුඩු තොගයක් සහ රුපියල් විසි එක් ලක්ෂ  පනස් දහසක මුදලක් පොලිස් බාරයට ගෙන ඇත

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි  විශේෂ කාර්ය බලකාය  ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත 

33හැවිරිදි සැකකාරිය වැල්ලවත්ත පදිංචිකාරියකි

සැකකාරිය මත්කුඩු තොගය සහ මුදල් තොගය සමඟ වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇත

Leave a Reply

Your email address will not be published.