බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ඉල්ලා අස්වෙයි

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් එම ධුරයෙන් ඉවත්වීමට සූදානම් වන බව, එරට මාධ්‍ය වාර්තා කරයි.

මේවන විටත් ඔහු සිය පක්ෂවන කොන්සර්වටිව් පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කර ඇත.

බ්‍රිතාන්‍යයේ මේ වසර තුළ උද්ධමනය 9.1%කින් ඉහළයාමත් සමග රට තුළ දේශපාලනික අස්ථාවර භාවයක් හටගෙන තිබේ. විදෙස් වාර්තා සඳහන් කරන්නේ එම නිසා අගමැති බොරිස් ජොන්සන් සිය පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි. 

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු අමාත්‍ය ධුරය හෙබ වූ ලේකම්වරුන් 07 දෙනෙකු ද මේවන විට ඉල්ලා අස්වී ඇති අතර, අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් විසින් තවත් දෙදෙනෙකු ද ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලොක්ඩවුන් සමයේ සෞඛ්‍ය නීති උල්ලංඝනය කිරීම සහ කාන්තාවන්ට ලිංගික හිරිහැර කලේයැයි චෝදනා එල්ල වූ පක්ෂ සාමාජික ක්‍රිස් පින්චර්ට රජයේ ඉහළ තනතුරක් දීම ජොන්සන්ට එල්ල වී තිබූ චෝදනා ලෙස දැක්විය හැකිය.

ඒ හේතුවෙන් ඔහුට ධුරයෙන් ඉවත් වන්නැයි බලපෑම් එල්ල විය.

Leave a Reply

Your email address will not be published.