ඉන්දියාවේ සිට උතුරට හොර පාරෙන් තෙල් ගේන ජාවාරමක්

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් උතුරු මුහුදු තීරයට ධීවර යාත්‍රා යොදාගනිමින් ඉන්ධන ප්‍රවාහනය කර අධික මිල ගණන් යටතේ අලෙවි කිරීමේ ජාවාරම් ක්‍රියාත්මක බවට අනාවරණ වී තිබෙනවා.
කිලිනොච්චිය මුලංකාවිල් පොලිස් බලප්‍රදේශයේ නච්චිකුඩා ප්‍රදේශයේදී ඉන්දියාවේ සිට මුහුදු මාරගයෙන් රැගෙන එන බවට සැකකෙරෙන භූමිතෙල් ලීටර් 3600ක් සමග සැකකරුවෙකු ඊයේ (07) දින අත්අඩංගුවට ගත් බවයි මුලංකාවිල් පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ.
මේ අතර ඊයේ (07) සවස යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ යාපනය පොලිසිය විසින් යාපනය නගරයේ පිහිටි නිවසක සිදුකරන ලද සෝදිසියකදී සඟවා තිබූ ඩීසල් ලීටර් 300ක ප්‍රමාණයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජාවාරම්කරුවන් විසින් භූමිතෙල් සහ ඩීසල් ලීටරයක් රුපියල් 600ත් 1000ත් අතර ප්‍රමාණයකට විකිණීමට සැලසුම් කර ඇති අතර මෙම ඉන්ධන තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 30කට අධික අධික බවටයි පොලිසිය පෙන්වා දෙන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් නච්චිකුඩා සහ යාපනය ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අධිකරණ වෙත යොමු කිරීමට නියමිතයි.
පවතින් දැඩි ඉන්ධන හිගය හේතුවෙන් ජාවාරම්කරුවන් විසින් ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයන් ඔස්සේ ඉන්ධන ගෙන්වා අධික මිග ගණන්වලට විකිණීමේ අවධානමක් පවතින බැවින් උතුරේ ආරක්ෂාව තර කිරීමට නාවික හමුදාව විසින් පියවර ගනිමින් සිටිනවා.

Leave a Reply

Your email address will not be published.